ලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680ක මිලකට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කට මේ වනවිට වෙළඳපොළේ අලෙවි වනවා.

මේ අතර නොවැම්බර් මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිල ද සංශෝධනය නොකිරීමටයි තීරණය කර තිබුණේ.