spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ්ස් ගෑස් මිලත් සංශෝධනය කරයි

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා.

ඒ අනුව අද (04) දිනයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමෙන් පසු ලාෆ්ස් ගෑස් සමාගම ද මිල ගණන් සංශෝධනය කිරීමට නියමිත බවයි එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල අද දිනයේ සිට අඩු කිරීමට එම සමාගම ඊයේ (03) දිනයේ නිවේදනය කළ අතර, අඩුවන මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, මාසික මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම එම සමාගම වෙළඳපොළට නිකුත් කරන කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරවල මිල ද අඩු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?