ලාංකිකයන් පන්දහසකගේ ඉරණම ගැන BBC තැබූ සටහන

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් තවත් වටයකින් යළිත් මතු කරමින් දෙපාර්ශවය අතර පසුගිය දෙදින පුරා රොකට් සහ ගුවන් ප්‍රහාර ද එල්ලවීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ ලෝද් නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරුණා.

මෝටර් රථ ගිනි තැබුණු අතර ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකට ලක්වීමෙන් මෝටර් රථයක වුන් ඊශ්‍රායල අරාබි ජාතික පියෙක් සහ දියණිය මිය ගිය බව බිබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ගාසා තීරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරද්දී පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර ඊශ්‍රායලය භූමිය අභ්‍යන්තරයට ඇදී ගිය අතර වසර ගණනකින් පසු ඇවිලුණු දරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ අවම තරමින් පුද්ගලයින් 40ක් මිය ගොස් තිබුණා.

“අද (මැයි 12) 2.45 විතර සයිරන් වැදුණා. මම ඉන්න ප්‍රදේශය දෙදරුම් කවමින් ඉහළ අහසේ පිපිරීම් වුණා. මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා.”

සිය අත්දැකීම විස්තර කිරීම අරඹමින් එසේ පැවසුවේ ගාසා තීරයෙන් එල්ලවූ රොකට් ප්‍රහාරවලට ලක්වූ ඊශ්‍රායලයේ අෂ්කිලෝන් ප්‍රදේශයට ආසන්න බීර්ෂවා නම් ප්‍රදේශයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු වන නලින් ලියනගේයි.

“අපිට කියලා තියෙන්නේ, හදිසියකදී සේෆ්ටි රූම් එකට යන්න කියලා…මට එන්න කියලා ගෙදර ඔක්කොම එතනට දිව්වා. මම බලාගන්නේ පැරලයිස් වුණ ලෙඩෙක් එයාව ඔසවන්නේ මැෂින් එකකින්. ඒත් මට ඒක කරන්න වෙලාවක් නැති වුණා. මට ම හිතාගන්න බැහැ එයාව අරගෙන රෝද පුටුවට ගත්තේ කොහොමද කියලා. ඒ අරගෙනයි සේෆ්ටි රූම් එකට ගියේ. ”

“ගෙවල්වල කට්ටිය අපිට කියලා තියෙන්නේ, හදිසියකදී ලෙඩාව ගන්න බැරිනම් ඒ ගැන හිතන්න එපා කියලා. ඒත් කොහොමද ඒක කරන්නේ… මම බලාගන්න කෙනා, මනුස්සයෝ නේ…” නලින්ගෙන් වචන පිට වූයේ හැගුම්බර ස්වරයකින් බවයි බිබීසී වාර්තා කර ඇත්තේ.

ලන්ඩන් වේලාවෙන් බදාදා දහවල් 1.14 ට පමණ ගත් දෙවෙනි ඇමතුමට ඔහුට පිළිතුරු දීමට හැකි වුයේ විනාඩියක පමණ කාලයක් පමණක් වන අතර “අම්මෝ… ඔන්න ආයේ ගහනවා… පස්සේ කතා කරන්නම්.” යැයි කලබලේ පැවසූ ඔහු දුරකථනය විසන්ධි කළ බව බිබීසී වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ජෙරුසලම හා අනෙකුත් ප්‍රදේශ වෙතට රොකට් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස ගසා හි සටන්කරුවන් ඉලක්ක කර කරන බවයි.

සඳුදා සිට මධ්‍යම හා දකුණු ඊශ්‍රායලය වෙත පලස්තීන සටන්කරුවන්ගෙන් 1,000 ට අධික රොකට් ප්‍රහාර එල්ල වුණා.

අඟහරුවාදා (මැයි 11) ගාසා තීරයේ මහල් සංකීර්ණයක් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කොට විනාශ කිරීමෙන් අනතුරුව තමන් ටෙල් අවිව් නගරය ඉලක්ක කළ බව පලස්තීන සටන්කරුවෝ පවසනවා.

තවත් මහල් සංකීර්ණයක් ඊශ්‍රායල ප්‍රහාරවලින් බිඳ වැටුණු අතර මහල් 12 කින් යුතු අල්-ජවහරා ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස පදිංචිකරුවන්ට අවවාද කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පසු ටෙල් අවිව් සහ බීර්ෂෙවා වෙත රොකට් 200 ට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව පලස්තීන සටන්කරුවෝ සඳහන් කරන බවයි බිබීසී පවසන්නේ.

“රෑ නින්දේ ඉන්නකොට එකපාරට ම සද්දෙට අවදි වුණා. මට දැනුණේ හරියට මම ඉන්න ගෙදර කඩා වැටෙනවා වගේ. මම මේ රටට ඇවිත් අවුරුදු 7 ක්. ඒ වසර ගණනාවේ ම යම් සිදුවීම් වුණත් මේ තමයි මම මෙතෙක් මුහුණ දුන් බරපතල ම අවස්ථාව,” යැයි බීර්ෂේවා ප්‍රදේශයේ ම රැකියාවේ නියුතු ටෙක්ලා සඳහන් කර තිබුණා.

“රටේ මිනිස්සු එක්ක ඉන්නකොට අපිට එතරම් බයක් කියන එක දැනෙනවා නම් අඩුයි. කොහොම වුණත් තානාපති කාර්යාලය දැන්වීමක් එවල තිබුණා පාස්පෝට් එක සූදානම් කරගෙන ඉන්න කියලා” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර බීබීසී සමග තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් මහේෂ් ගුණවර්ධන කියා ඇත්තේ තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් විදේශ අමාත්‍යාංශය දැනුවත් කරන බවයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට අදාළ නිවේදන නිකුත් කර ඇති බව කී ඔහු, විමසීම් සඳහා විශේෂ දුරකතන අංක දෙකක්ද ඔවුන් වෙත සපයා ඇති බව සඳහන් කර තිබෙනවා.

පළමු ලේකම්වරයා සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුවත්භාවය අනුව 5,000 ට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවල යෙදී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09