ලසිත් මාලිංගගේ පුත්‍රයාත් පියාගේ අඩි පාරට

මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් දැල් පිටියේ පැවති පුහුණු සැසියකදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ ක්‍රීඩක ලසිත් මාලිංගගේ පුත් දුවින් මාලිංග ද එවැනිම පන්දු යැවීමේ දස්කම් පෙන්වා තිබෙනවා.

මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් දැල් පිටියේ පන්දු යැවීම ආරම්භ කළ දුවින් මාලිංග ඔහුගේ කීර්තිමත් පියාට වඩා වැඩි යමක් සිදු කරනු ඇති බවට පැහැදිලි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මාලිංග ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට වේග පන්දු යවන්නන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ පුත් දූවින් ද එවැනිම ක්‍රියාවක් දැන් පෙන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති වීඩියෝවක, මාලිංග තම පුතාගේ ප්‍රගතිය අධීක්ෂණය කරන අයුරු දැකගත හැකියි.

මාලිංග පෙන්වා දෙන්නේ පුත්‍රයාගේ පන්දු යැවීම ස්වාභාවික ක්‍රියාවක් වන අතර ඔහු කෙළින්ම සහ වේගයෙන් පන්දු යැවීමට හුරු විය යුතු බවයි. පුත්‍රයා එම අභියෝගය ජය ගත හොත් දක්ෂතා දැක්වීමට හැකි බවයි මාලිංග ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර මෙවර IPL තරගාවලිය අතරතුර, රාජස්ථාන් රෝයල්ස් (RR) හි පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසට මෙන්ම වසර ගණනාවක් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ආධිපත්‍යය දැරූ මාලිංග, චෙන්නායි සුපර් කිංග්ස් හි මතීෂ පතිරණගේ දක්ෂතා ද ඇගයීමට ලක් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය විසින් යොවුන් වේග පන්දු යවන්නා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට සමාන කර තිබෙනවා.

මාලිංග ප්‍රකාශ කර ඇත්තේ මීළඟ ටෙස්ට් සංචාරයේදී ඔහුව කණ්ඩායමට එක් කර ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

ඔහුට එක්දින තරඟ කිහිපයක් ද ලබා දී ඉදිරි වසර තුන තුළ ඔහු ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි මාලිංග සඳහන් කළේ.

ඉදිරි වසර තුන තුළ ඔහු ටෙස්ට් තරග 10ක් හෝ 15ක් ක්‍රීඩා කළහොත් එය ඔහුගේ දියුණුවට ඉතා අගනා බව මාලිංග ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46