ලලිත්, කූගන් අතුරුදන් කිරීමේ නඩුවට ඔන්ලයින් සාක්ෂි දෙන්නැයි ගෝඨාට නොතීසි

ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා එවකට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔන්ලයින් ක්‍රමයට කැඳවීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා.

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී 2011 දෙසැම්බර් 09 දින අතුරුදන් කරන ලද ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පිළිබඳ මෙම නඩුව අද ( 02) යාපනය මහේස්ත්‍රාත් ඉදිරිපිට කැඳවනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව කියා තිබුණි. ඒ බව සඳහන් කරමින් ඔහු මීට පෙර අභියාචනාධිකරණය (Court of Appeal) වෙත පෙත්සමක් ගොනු කරමින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

තමන් යාපනයට ගොස් සාක්ෂි ලබා දුනහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන්ගෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බවත්, එබැවින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් තමන්ව නිදහස් කරන ලෙසත් ඔහු එම පෙත්සමෙන් ඉල්ලා සිටියා.

එහි ප්‍රතිඵලයක් ලෙස අභියාචනාධිකරණය විසින් ඔහුට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. පසුව 2019 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන මුක්තිය (Presidential Immunity) මත ඔහුට එරෙහිව මෙම නඩු කටයුතු පවත්වාගෙන යාම අත්හිටුවුණා.

කෙසේ වෙතත්, 2022 වසරේදී ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුට තිබූ මුක්තිය අහෝසි වූ බැවින්, නැවතත් මෙම නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා ඔහුව කැඳවීමට නෛතික පසුබිම නිර්මාණය විය. 2025 ජුලි 30 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන මහතුන් 2011 වසරේදී යාපනයේදී අතුරුදන් වූයේ, උතුරු පළාතේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීයි.

මෙම අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විසින් නීතිඥ නුවන් බෝපගේ හරහා හබයාස් කෝපුස් (Habeas Corpus – පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින) පෙත්සමක් ගොනු කරන ලදී. එම කාල සීමාවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින්, එකල පැවති ආරක්ෂක තත්ත්වය සහ මෙම අතුරුදන්වීම් පිළිබඳව කරුණු විමසීම සඳහා ඔහුව සාක්ෂිකරුවෙකු ලෙස යාපනය අධිකරණයට කැඳවීමට නියෝග කෙරුණා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා අද (02 ) නඩුව කැඳවූ අවස්ථාවේ කියා සිටියේ ඔහු සැකකරුවකු නොව, සාක්කිකරුවකු වන නිසා ඔහුට තිබෙනවා යැයි කියන ආරක්ෂක ප්‍රශ්නය සලකා බලා ඔන්ලයින් සාක්ෂි ලබා දීමට අවසර ලබා දෙන බවයි.

ඒ අනුව, ජුනි 19 වැනිදා ඔන්ලයින් ක්‍රමයට සාක්කි ලබාදෙන ආකාරය තීන්දු කිරීම සඳහා නඩුව යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44