ලයිකා මොබයිල් සමාගමේ කූඨ මාධ්‍ය ආධිපත්‍යයට එරෙහිව ආ පෙත්සමට දින දෙයි

ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට මාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම සමාගම විසින් මෙරට අත්පත් කරගෙන තිබෙන දේපොළ යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 27 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20)
අධිකරණයට නියෝග කළා.

මෙම පෙත්සම අද ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකාරණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 27 වන දා කැඳවන ලෙස නියෝග කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම, විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහා බැංකුව, අල්ලස් කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ඊ.ඒ.පී මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තිබෙන බවයි.

එම මාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේදී අදාළ සමාගම මෙරට නීතිය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

මෙම වග උත්තරකාර සමාගමේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වී තිබෙන බව පෙත්සම්කරු සඳහන් කරනවා.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ මාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව අදාළ සමාගම විසින් අත්පත් කරගෙන තිබෙන මෙරට දේපළ රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16