spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබුෂේන්ග්ගේ තැන ග්‍රීන්ට හිමි වෙයි ?

ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන Marnus Labuschagne ව එම ස්ථානයෙන් ඉවත් කර, Cameron Green එම අවස්ථාව ලබාදීමට කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක මැතිව් හේඩ්න් පවසනවා.

හේඩ්න් කියා සිටින්නේ, ලබුෂේන්ග් සාර්ථක වුව ද, විවිධ අවස්ථාවල දී අඛණ්ඩ ව ඔහුට හට ගන්නා ආබාධ තත්ත්වයන් හේතුවෙන් ග්‍රීන් ව පෙරට ගෙන ආ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

දැනට අංක 4 හි ක්‍රීඩා කරන Marnus Labuschagne වෙනුවට ආරම්භක පිතිකරු ලෙස Cameron Green හට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සැලසීම කණ්ඩායමේ ස්ථාවරත්වයක් පිතිකරණය තුළ රෝපණයට හැකියාවක් ලැබෙනු ඇති බවයි හේඩ්න් කියා සිටින්නේ.

එක්දින ලෝක කුසලානයට පිවිසීමේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මැදපෙළේ ලබුෂේන්ග් සමගි ස්මිත් ව යුගල කිරීමෙ යම්තාක් දුරකට ඉදිරියට යාමක් පෙන්නුම් කළ ද, දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති එක්දින තරගාවලියේ දී ලබුෂේන්ග් හට විවිධ ආබාධවලට මුහුණදීමට සිදු වුණා.

කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන ට්‍රාවිස් හෙඩ් හට ද අත කැඩී යාමෙන් එක්දින ලෝක කුසලානය අහිමි වීම මතයි මෙලෙස පිතිකරුවන්ගේ ලැයිස්තුව යළිත් මුලට ගෙන ඒමට සිදු ව ඇත්තේ.

කෙසේවෙතත් ලබුෂේන්ග්ව ඉවත් කර; ග්‍රීන් ව මුලට ගෙන ඒමේ තීරණය ගැන මැතිව් හේඩ්න් පවසා ඇත්තේ ඉන්දියාවට එරෙහි ව පැවති ආරම්භක තරගයෙන් ග්‍රීන් ව ඉවත් කළේ ඔහු පිතිකරණයෙන් දස්කම් දැක්වීමට දැඩි මහන්සියක් දරන කාලපරිච්ඡේදයක දී බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?