ලබන සතියේ සිට අඛණ්ඩව විදුලිය – බලශක්ති ඇමති

ලබන සතියේ සිට අඛණ්ඩව විදුලිය ලබාදීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

කොළඹ දී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමාකිරීමට සිදුවෙන බව බලශක්ති අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

භූමිතෙල් ලබාගැනීමේ දී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.