ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට

ඉදිරි වසර තුළ මෙරට සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර බිහි කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව ලබන වසරේ සිට ගුරු අභ්‍යාසලාභීන් විද්‍යාපීඨවලට නොව මෙම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට ම බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දමා අවසන් ව ඇති අතර ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ.

එහි දී විද්‍යාපීඨ 19 සඳහා ම ‘ස්මාට් බෝඩ්’ දෙක බැගින් ඉදිරි මාස දෙක තුන ඇතුළත ලබා දෙන බවත් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා සෑම අංශයක ම සමබර වර්ධනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

බංකොලොත් ආර්ථිකයක් පවතින මොහොතක වුව ද පාසල් පෙළපොත්, නිල ඇඳුම් සියල්ල ලබා දුන් බවත් අතපසු ව පැවති විභාග පවත්වා අවසන් කර ඉතිරි ඒවා සැලසුම්ගත ව පවත්වාගෙන යන අතර උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ද සිදු කළ බවයි ඔහු කියාසිටියේ.

පාසල් දිවා ආහාර ලබා දෙන දරුවන් සංඛ්‍යාව ඉදිරියේ දී තව දුරටත් වැඩි කරන බව ද මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙහි දී විභාග කල් යෑම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි උසස් පෙළ විභාගය පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර එම දින කල් යැවීමට කිසි දු අපේක්ෂාවක් නොමැති බවයි.

එලෙස කල් තැබීමක් සිදු කළ හොත් සාමාන්‍ය පෙළ අතුළු අනිකුත් විභාග ද දීර්ඝ වශයෙන් කල් ගොස් විභාග කාලසටහන හා පාසල් කාලසටහන ද නැවතත් වියවුල් සහගත තත්වයකට පත් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙනවා.

විභාග හා අධ්‍යයන කාලසටහන් යථා තත්වයට පත් කෙරෙමින් සිටින මෙවන් අවස්ථාවක අවශ්‍ය කැපවීම් සිදු කරමින් ඊට සහාය දැක්වීම සියලු දෙනාගේ ම වගකීම වන අතර එසේ නොවුණහොත් අවසන සියලු පාඩු දරාගැනීමට සිදු වන්නේ දරුවන්ට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23