ලබන වසරේ ඉන්ධන හිඟයක් ඇති නොවෙන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2022 ජනවාරි මස 1 වන දින සිට 2022 අගෝස්තු මස 31 වන දා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ.

ඒ අනුව ඩීසල් සල්පර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137,500ක් සහ ඩීසල් උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 බැගින් වු බැරල් 262,500ක් ආනයනය කිරීමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ. එමෙන්ම එම කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 1,341,000 සහ පෙට්‍රල් 95 බැරල් 459,000ක් ආනනය කිරීමට අදාළ සමාගම වෙත පිරිනැමීමට අනුමැතිය හිමිව තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ආදළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

“වර්තමානයේ දී ජනතාව අතර බියක් ඇතිවෙමින් තියෙනවා ඉන්ධන හිඟයක් පිළිබඳව. එවැනි හිඟයක් වර්තමානයේ දී නොමැති අතර ඉදිරි කාලසීමාව තුළත් ඉන්ධන හිඟයක් ඇති නොවන බව ඉතාම වගකීමෙන් රජය හැටියට ප්‍රකාශ කරනවා.” යැයි අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50