ලබන වසරේදී සියලුම ප්‍රාථමික සිසුන් සඳහා දිවා ආහාරය

ලබන වසරේදී සියලුම ප්‍රාථමික සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක පාසල් ආහාර වැඩසටහනේ ප්‍රථම ගෝලීය සමුළුව අමතමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් විශාල පිරිසකට මේ වන විට දිවා ආහාරය ලබා දෙන බවයි.

ලබන වසරේදී සියලුම ප්‍රාථමික සිසුන් සඳහාත් 2030 වසර වන විට සියලුම පාසල් සිසුන්ටත් දිවා ආහාරය ලබාදීම අපේක්ෂාව බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී කියා සිටියේ.

ලබන වසරේදී රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක් ස්ථාපනය කෙරෙනවා. ඊට අදාළ ප්‍රතිපත්ති තීරණය කෙටුම්ත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේ.

පසුගිය වසර 76ක කාලය පුරා ශ්‍රී ලංකා රජය එක ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන ලක්ෂණයක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙරට ස්ථාපිත ජාත්‍යන්තර පාසල් 300ක් හා පෞද්ගලික පාසල් 110ක් හරුණු විට 10,135ක් වන රජයේ පාසල්වල නිදහස් අධ්‍යාපන අවස්ථා හිමි මිලියන 4.1ක් වූ සිසුන්ට නොමිලේ පෙළපොත් සහ පාසල් නිල ඇඳුම් ද ලබා දෙන බව ලෝක පාසල් ආහාර වැඩසටහනේ ප්‍රථම ගෝලීය සමුළුව අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියසිටියා.

මෙම සමුළුව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලාංකික පාසල් සිසුන් විශාල සංඛ්‍යාවකට පාසල් දිවා ආහාරය සැපයීමට ද රජය ක්‍රියා කරන අතර 2024 වර්ෂයේ දී එම පාසල් පෝෂණ වැඩසටහන යටතේ දිවා ආහාර ප්‍රතිලාභ ලබන මෙරට සිසුන් සංඛ්‍යාව තව දුරටත් වැඩි කරගැනීමට අදාළ ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙන් ම රටක් ලෙස ද විවිධ ව්‍යසන හා බාධකවලට මුහුණ දෙමින් වුව මෙම දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව පවත්වාගෙන යාමට රජය කැප වී ක්‍රියා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ මෙරට සිසුන් සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තියක් පවතින අතර ඊට අනුව සැකසී ඇති පරිපාලන ව්‍යුහය හා රටේ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය සමාන්තර ව ගමන් කරන නිසා පළාත් හා ප්‍රාදේශීය මට්ටම්වලින් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර නිසි සම්බන්ධීකරණ කළමනාකරණ ක්‍රමවේදයකට අනුව මෙම වැඩසටහන් සාර්ථක ව ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් සකස් කර ඇති බවයි.

එමෙන් ම වාර්ෂික ව පවත්වනු ලබන සෞඛ්‍ය පරීක්ෂණයක් හරහා සිසුන්ගේ පෝෂණ අවශ්‍යතා නිරීක්ෂණය කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියසිටියා.

ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 93%ක් හා වයස අවුරුදු 5 සම්පූර්ණ වන විට එක ශේණියට ඇතුළත් වීමේ අනුපාතය 99%ක් දක්වා වූ ඉහළ අගයක් ගැනීමටත් රජයේ මෙම සුභසාධන වැඩපිළිවෙළ මනා පිටුබලයක් වී ඇති බවයි අමාත්‍යවරයා සමුළුව අමතමින් කියා සිටියේ.

ලෝක ආහාර වැඩසටහනේ පූර්ණ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57