spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන වසරේදීත් රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කිසිවක් නැහැ

ලබන වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කිසිවක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරනවා.

ඒ, හේතුවෙන් ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් නොකරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ.

ලබන වසර සඳහා වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කිරීමේ දී මෙම වර්ෂයේ ජුනි මස 30 වන දිනට සිටින නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් සිදුකරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනිමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්තයෙන් යුතුව පත් කළ නිලධාරී කමිටුවේ නිර්දේශ අනුව එළඹ ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රතිපාදන බඳවා ගැනීමේ ප්‍රගතිය අනුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් සලසා ගත යුතු බව ද මහා භාණ්ඩාගාර ලේකම්වරයා, 2024 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාව නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?