ලබන මස මුල තෙල් මිලට “බැසිල් සූත්‍රයක්”!

එළඹෙන ජූලි මස මුල් දින කිහිපයේදී පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් වන යලි සංශෝධනයක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රු. 5 – 7 කින්ද ඩීසල් ලීටරයක් රු.3 කින්ද අඩු වනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බැසිල් ප්‍රමුඛත්වය ගැනීම

මෙම අඩු කිරීම් සිදුවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්දේශයන් මත බවත් වාර්තා වනවා.

විශේෂයෙන්ම ලබන මස මුල බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මෙම සංශෝධනයන් සිදුවනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ජීවන වියදම අඩු කිරීමේ වගකීම

බැසිල් රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිත අමාත්‍යාංශයට ජාතික ආර්ථිකය සහ ජීවන වියදම හා බැඳී බොහෝ විෂයයන් ඇතුළත් වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා රටේ සිටියේ නම් මෙවැනි තෙල් මිල වැඩි කිරීමක් සිදුවීමට ඉඩ නොදෙන බව තෙල් මිල ගණන් වැඩි වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42