ලබන්න තිබු ජය නැතිකලා,පුෂ්පිකා සියල්ල හෙලිකරයි

පසුගිය දිනෙක අමරිකාවේ ලාස්වේගාස් හි පැවැත්වුණූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය දෙස ලංකාවේ අපිත් ඇහැ යොමාගෙන සිටියා. ඒ ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා තරඟ වැදුනු නිසායි.

කෙසේ වෙතත්, අවසන් හය දෙනා අතරට යන්න සමත්කම් දැක්වූ පුෂ්පිකා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කළේ තමන් “සිව්වැනි ස්ථානය”ට හිමිකම් කී බවයි.

ඇයට සමාජ මාධ්‍ය තුළින්ද විරෝධයක් මතු වූ අතර, ඇය ව්‍යාජ තොරතුරු ලබා දෙන බව කියමින් බොහෝ දෙනෙක් සටහන් එක් කොට තිබුණා.

මේ අතර, පුෂ්පිකාට පුරපතිනිය වූ රෝසි සේනානායක පුහුණුවීමක් කරන හඬපටයක්ද නිකුත් වී තිබෙනවා.

මේ සියලු අලකලංචි මැද වරින් වර සමාජ මාධ්‍ය තුළ පුෂ්පිකා ද සිල්වා හඬ අවදි කළ අතර, ඇය නවතම සටහනකුත් මුහුණු පොතට එක් කර ඇත්තේ,‍ ඇගේ කිරුළු සටනට පිරිසක් බාධා කළ බව කියමිනුයි.

එම සටහන පහතින් බලන්න.

මේ, මිනිසුන් වූ අප සියලු දෙනාටම වඩා ඉහළින් සිටින දෙවියන් වහන්සේ සහ සොබාදහම විසින් අපව පරික්ෂා කරන කාලයයි. කොරෝනා වැනි දේ තුළින් මිනිසාට සාමය, සමාදානය, පරිත්‍යාගය,  එකිනෙකාට උපකාර කිරීම  වැනි යහපත් ගුණාංග වැඩිදියුණු කරගත යුතු බව යලිත් සිහිපත් කරන කාලයකි.

මම, පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස් වල පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වීමි. එහිදී අවසාන වටය තෙක් සාර්ථකව තරග කළ මට ඇතැම් පාර්ශ්වයන් වෙතින් බලවත් අසාධාරණයක් සිදු විය. මට ලැබෙන්නට නියමිතව තිබූ එම ජයග්‍රහණය අහිමි කළ පුද්ගලයන්ට සුපුරුදු පරිදි ඒ මොහොතේම සමාව  දුන්නෙමි. නමුත් දෙවියන් වහන්සේගේ තීරණයක් වෙනස් කරන්නට  කටයුතු  කළ මනුෂ්‍යයෙකුට විඳින්නට සිදුවන දඬුවම කුමක්දැයි අපට සිතා ගන්නටවත් නොහැකි ය. 

අද සොබාදහම විසින් අදාල පුද්ගලයන් සඳහා සිය විනිශ්චය ලබා දීම ආරම්භ කර තිබේ. 

මම දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිමත් වෙමි. සොබා දහම කෙරෙහි විශ්වාසවන්ත වෙමි. මගේ විශ්වාසයන් තුළ මා ආරක්ෂා වන බව මම නිරන්තරයෙන් සිතමි. එය එසේම සිදුවේ 

– පුෂ්පිකා ද සිල්වා
2021 ශ්‍රී ලාංකික විවාහක රූ රැජින.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40