ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණා.

මෙහිදී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කාරක සභාවේ අරමුණු පැහැදිලි කරමින් පැවසුවේ මසකට පෙට් ප්ලාස්ටික් ටොන් 1200ක් පමණ මෙරටට ආනයනය කරන බවත් එම ප්ලාස්ටික්වලින් නැවත එකතු වන්නේ මසකට ටොන් 350ක් පමණක් බවයි.

එසේම නිෂ්පාදිත ප්ලාස්ටික් කෙඳි (මොනෝපිලමන්ට්) මෙරටට විශාල වශයෙන් ආනයනය කරන බවත් ඒ තුළින් මෙරට පෙට් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයේ නියැලී සිටින ආයතනවලින් නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් කෙඳි (මොනෝපිලමන්ට්) ඇතුළු අනෙකුත් නිෂ්පාදන අළෙවිය සඳහා බාධා ඇති වී තිබෙන බව ද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

මේ ආකාරයට පෙට් ප්ලාස්ටික් බෝතල් භාවිතා කර, නිෂ්පාදනය කරන ‌අමුද්‍රව්‍ය අඩු මුදලකට මෙරටට ආනයනය කිරීම තුළින් රටතුළ භාවිතා කරන ලද පෙට් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්ක්‍රීකරණය කිරීම සඳහා එකතු කරන පෙට් ප්ලාස්ටික් අමුද්‍රව්‍යවලට නිවැරදි මිලක් ගෙවීමට නොහැකි බවයි කාරක සභාවට පැමිණි සිටි කර්මාන්තකරුවන් විසින් පෙන්වා දෙනු ලැබුවේ.

මේ අනුව පැනනැඟී ඇති ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම පෙට් අපද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් කෙඳි (මොනෝපිලමන්ට්) ආනයනය කිරීමේදී සුදුසු බද්දක් අයකිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිළිබඳව නිර්දේශ ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශයට යොමු කර ඒ් අනුව තීරණයක් ගැනීම යෝග්‍ය බවට කාරක සභාව පරිසර අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

එසේම මෙරටට ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය කිරීම තහනම් කළ යුතු බවට මධ්‍යම පරිසර අධිකාරියෙන් දැනටමත් හඳුනාගෙන ඇති බවත් මෙසේ තහනම් කළ යුතු ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් මයික්‍රො ප්ලාස්ටික් පොළවට එකතු වන බවත් ඒවා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ හැකි බැවින් ආනයනය තහනම් කළ යුතු බවත් පරිසර බලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එක් වරක් භාවිතා කර ඉවතලන තහනම් කළ යුතු භාණ්ඩ වර්ග රාශියක් දැනටමත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇති බවයි කාරක සභාවේදී සඳහන් කෙරුණේ. මේ අනුව මේවා ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කිරීම හෝ මේ සම්බන්ධයෙන් ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වුණා. එසේම ‌‌මෙවන් තහනම් කළ යුතු ප්ලාස්ටික් නිෂ්පාදන ආනයනය කිරීම පිළිබඳව ද මෙරට කසල ප්ලාස්ටික් නිෂ්පාදනයට බාධා පමුණුවන තහනම් කළ යුතු ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පවසා සිටියේ අපද්‍රව්‍ය ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සඳහා අමුද්‍රව්‍ය ලෙස ආනයනය කරන ප්ලාස්ටික් ද මෙරටට ආනයනය කරන්නේ නම් ඒ් සඳහා ද බදු පැනවිය යුතු බවයි.

‌එමෙන්ම ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය පිළිබඳව මෙන්ම ලන්ච් ෂිට් වෙනුවෙන් භාවිත කළ හැකි විකල්ප සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වුණා. සෙෳඛ්‍යයට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ දැනට ලන්ච් ෂීට් නිපදවන්නාට ඒ් සඳහා අනුගතවීම සඳහා මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදෙනු ලැබුවා. එසේම ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිතා නොවන බව පෙන්වා දුන් පරිසර අමාත්‍යාංශ නිලධාරීන් ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම ද කාරක සභාවට පෙන්වා දෙනු ලැබුවා.

පරිසර පනත සංශෝධනය සඳහා දැනට ඉදිරිපත්ව ඇති සංශෝධන කාරක සභාවේදී සලකා බැලූ අතර එමෙන්ම නිෂ්පාදනය කරන පෙට් ප්ලාස්ටික් බෝතල් සඳහා QR කේතයක් හඳුන්වාදී ඒ් තුළින් පාරිභෝගිකයාට හිස් බෝතලයක් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ලබා දීමේදී වැඩි මුදලක් ලබා දීම සඳහා දැනට කැබිනට් මණ්ඩලයේ අනුමත වී ඇති යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි කාරක සභාව මෙහිදී පෙන්වාදී ඇත්තේ.

එසේම ලන්ච් ෂීට් වෙනුවට හදුන්වාදිය හැකි දිරාපත් වන කඩදාසියක් නව නිෂ්පාදනයක් ලෙස අදාළ නිෂ්පාදකයා විසින් කමිටුවට හඳුන්වාදුන් අතර එම නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට ලන්ච් ෂීට් තහනම ස්ථීර වශයෙන්ම සිදු කරන බවට සහතිකයක් ඔහු වෙත ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියා. මේ අනුව ලන්ච් ෂීට් තහනම සම්බන්ධ ගැසට්ටුව නිකුත් වීම අදාළ සහතිකය ලෙස භාර ගන්නා ලෙසත් යම් බලපෑම් මත එය වෙනස් නොකිරීමට පරිසර ලෝලීන් සහ සමාජ සංවිධාන හරහා මෙරට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34