ලඟදීම රටට වෙන්න යන දේ ගැන පාඨලී චම්පික අනතුරු අඟවයි

අද මෙරට තිබෙන ප්‍රධානම අර්බුදය කුමක්දැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ඒ ලංකාවට ණය ගැනීමට බැරි වීම බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

වෙනස් අර්බූදය – මෙතෙක් මේ රටේ සිටි සියලුම ආණ්ඩු ණය ගත්ත අතර එම ණය වලින් පරණ ණය බේරුව බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා අද උද්ගතව තිබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවයි සඳහන් කරන්නේ. අද මේ ආණ්ඩුවට විදේශීය වෙළෙඳ පොළින් මෙන්ම දේශීය වෙළෙඳ පොළින් ණය නොදෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

බංකොලොත්භාවය අත ළඟ – මූල්‍ය වෙළෙඳ පොළට රට විවෘත නොවීමේ අර්බුදය මත රට ඉතිහාසයේ ප්‍රථම වතාවට බංකොලොත් වීමට යන බවට අනාවැකියක්ද මන්ත්‍රීවරයා පළ කරනවා. කොවිඩ් අර්බුදයෙන් ගොඩ ඒමට ලෝකයේ රටවල් උදව් කළද ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මේ ආණ්ඩුවට ලොව රටවල් උදව් නොකරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා. ඒ නිසා ආර්ථිකය බිඳ වැටුණේ කොවිඩ් අර්බුදය නිසා නොවන බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26