නාගොඩ, කඳාන පිහිටි පුද්ගලික ආයතනයකින් රබර් අත් මේස් ලබාගෙන ගෙවීම් පැහැර හැර රුපියල් ලක්ෂ 62කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පසුගිය 02වන දා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව, අදාල සැකකාර ඉන්දීය ජාතිකයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්‍යන්තයේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.
පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













