ලක්ෂ 44කගේ විදුලි බිල 200%කින් ඉහළට

66%කින් විදුලි බිල වැඩි කළ බව බලධාරීන් ප්‍රකාශ කළ ද ඒකක 0 සිට 90 දක්වා විදුලි භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 200ටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයකට මෙතෙක් අය කළේ රුපියල් 8ක්. එහෙත් නව සංශෝධනය සමග එය රුපියල් 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට ස්ථාවර ගාස්තුව ලෙස රුපියල් 400ක මුදලක් එකතු වන අතර ඒ සඳහා රජයේ බදු ද අතිරේකව ඇතුළත් වනවා. මෙරට විදුලි පරිභෝගිකයන්ගෙන් මිලියන 1.45ක් ඇතුළත් වන්නේ ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයටයි.

විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ දත්තවලට අනුව සමෘද්ධි ලාභීන්ගේ මෙතෙක් පැවති රුපියල් 360ක විදුලි බිල රුපියල් 1,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් රුපියල් 900ක් වූ විදුලි බිල රුපියල් 2,560ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පැවසුවේ.

ඒකක 31 සිට 60 දක්වා මෙතෙක් පැවති රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි වී තිබෙනවා. ඊට එක්වන ස්ථාවර ගාස්තුව රුපියල් 550ක්. මෙම විදුලි බිලට රජයේ බදු ද ඇතුළත් විය යුතුයි. මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් මිලියන 1.55ක් ඇතුළත් වන්නේ ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයටයි. විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ දත්තවලට අනුව ඒකක 60ක උපරිමයක් භාවිත කළ හොත් මේවනවිට රුපියල් 2,600කට වැඩි විදුලි බිලක් ලැබෙනු ඇති.

ඒකක 61 ත් 90 ත් අතර මෙතෙක් ඒකකයකට අය කළ රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩිවනවා. ඊට රුපියල් 650ක ස්ථාවර ගාස්තුවක් හා රජයේ බදුද අලුතින් එක්වනවා. මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් මිලියන 1.4ක් ඇතුළත් වන්නේ ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයටයි. විදුලි බිල විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ දත්ත වලට අනුව ඒකක 60ට වැඩි නිවසක රුපියල් 1,336ක් වූ ඔවුන්ගේ සාමාන්‍ය විදුලි බිල මේවනවිට රුපියල් 3,212ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඒකක 91ත් 120ත් අතර සහ ඒකක 121ත් 180ත් අතර විදුලි ඒකකයක මිල වැඩි වන්නේ රුපියල් 50ක් දක්වායි. ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයට පාරිභෝගකයින් 745,000ක් අයත්. ඔවුන්ද රුපියල් 1500ක ස්ථාවර ගාස්තුවක් හා රජයේ බදු ගෙවිය යුතුයි. ඒ අනුව ඒකක 90ට වැඩි පවුලක් මෙතෙක් ගෙවූ රුපියල් 2,450ක සාමාන්‍ය විදුලි බිල රුපියල් 5,330ක් දක්වා වැඩි කර ඇති බව විදුලි බිල විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ සාමාන්‍ය පාරිභෝගිකයාගේ විදුලි බිල සියයට 250කින් පමණ වැඩි වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13