ලක්ෂ 40ක සත්තු තායිලන්තයේ සිට ගෙන ආ යුවළක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත, සත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමඟ යුවළක් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාර යුවළ ඊයේ (25) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පමණ පසුවන තරුණ යුවළක්.

මොවුන් දෙදෙනා ඊයේ (25) පස්වරු 04.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම යුවළගේ ගමන් මලු තුළ වාතාස්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ දමාගෙන ඉබ්බන් , ගෙම්බන්, මාලු, ඉත්තෑවන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, මීයන්, සැලමැන්ඩා සහ තවත් පණුවන් විශේෂයක් රැගෙනවිත් තිබුණා.

මෙම ජීවී සතුන් තොගය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හෝ රේගු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් නොවීම ගැටළුවක් බවයි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සඳහන් කළේ.

මෙම යුවළ රේගු නිලධාරීන් භාරයේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

සොයාගත් සතුන් එම විමර්ශන කටයුතු නිමවන තෙක් කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

20240325 202026 scaled
20240325 202108 scaled
20240325 193834 scaled
20240325 194840 scaled
20240325 201531 scaled
20240325 194530 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03