ලක්ෂ 19 ක වියදමින් හැදූ පාසල් වැසිකිළිය ට මොකද වුනේ

ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ පිහිටි වෑවල මහා විද්‍යාලයේ පවතින
අඩුපාඩුකම් හේතුවෙන් එහි ඉගෙනුම ලබන සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි මව්පියෝ පවසති.

දරු දැරියන් 190 ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලබන මෙම පාසලේ ගුරුවරුන් විසි දෙනෙකි.

ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි 06 පැවතියද එම ගොඩනැගිලි බොහෝමයක් වසර සීයකට වඩා පැරණි
බව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවදානමක් තිබෙන බව මවුපියන් පෙන්වා දෙති.

ගැහැණු පිරිමි දෙපක්ෂයටම ඇත්තේ කුඩා වැසිකිලි දෙකක් වන බවත් 2015 වර්ෂයේ ” සනීප රක්ෂාව” පෙරට වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 19 ක් වියදම් කර ඉදිකළ නවීන උපාංග සහිත වැසිකිළි පද්ධති ඩනැගිල්ලේ වැඩ අවසන් කර තිබුනත් මේ දක්වා සිසු අයිතියට පත් කොට නොමැත බවත් මේ වන විට එහි වහලය හානි වී විනාශ වෙමින් පවතින බවයි වැසිකිළි පද්ධතිය තුළ වෙයන් වෙයන් හුඹස් බැඳ ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ප්‍රදේශයේ වසර සීයකට ආසන්න අතීතයක් ඇති මෙම පාසලේන් රට කරවන්නන් ඇතුළු වර්තමානයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන ලේකම්වරයා අලව්ව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා,නාසා ආයතනයේ ඉහල නිලයක් දරන අයෙකු ද මෙම පාසලෙන් පාසලේ ඉගෙනුම ලබා ඇති බවද බව ද දෙමව්පියන් පවසයි.

1.පාසල් සංවර්ධන සමිතියෙ ලේකම් බුද්ධිකා ශාමලී මහත්මිය අදහස් දක්වමින්

අපේ දරුවන්ගේ මේ පාසලේ සනීපාරක්ශක පහසුකම් අඩුයි අපේ ළමයි හැමවෙලේම ගෙදර ඇවිල්ලා කියන්නේ වැසිකිලි පාවිච්චි කරන්න බැහැ කියලා ගැහැණු පිරිමි දෙගොල්ලම කලවමට එම වැසිකිලි පාවිච්චි කරනවා අපි මේ සම්බන්ධව සංවර්ධන කමිටුව සාකච්ඡා කළා ඒත් මේ දක්වා එයට කිසිම විසඳුමක් නැහැ.

ලක්ෂ 19 ක් වටිනා වැසිකිළි පද්ධතියක් හදලා තිබුනත් එය නිකරුණේම වහල දාලා එය දරුවන්ට පාවිච්චි කරන්න දෙන්නේ නැත්තෙ ඇයි කියල නම් අපි දන්නෙ නැහැ .

ඒ වගේම සෑම ගොඩනැඟිල්ලක ම වහලවල් දිරලා වැස්ස දාට තෙමෙනවා පන්ති කාමර ඇතුළේන් වහලයට ලී මුක්කු ගහලා තියෙන්නේ මෙහි විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු මේ සම්බන්ධව අදාළ බලධාරීන්ට නිතරම දැනුවත් කරනවා.

මේ දක්වා විසදුමක් ලැබිලා නම් නැහැ ඒක අපිට ලොකු ප්‍රශ්නයක් අපි මේ ඉල්ලීම කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ හෝ අවධානය යොමු වෙලා මේ පාසලේ තත්ත්වය ගැන හොයලා බලන්න කියලා ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පාසලට දරුවන් ඇතුලත් කරන්න දෙමව්පියන් පෙළඹෙන්නේ නැහැ මේ තිබෙන ගැටලු නිසා අනාගතයේ දී මෙය පාසල වැසෙන තත්ත්වයකට පත් වෙයි.

කියලයි අපට හිතෙන්නේ ඒ නිසා නිසි විසඳුමක් ගන්නා ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා .

2.අදහස් දැක්වූ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් ඩබ්ලිව් අනුර කුමාර

අලව්ව වෑවල විද්‍යාලයේ කියන්නේ වසර සීයකට වැඩි සියයකට වැඩිය ඉතිහාසයක් තියෙන පාසලක් මේ පාසලට රටේ කිසිම බලධාරීන්ගේ ඇස යොමු වෙන්නේ නෑ ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි වැසීගෙන යන පාසලක් බවට දැන් පත් වෙමින් පවතිනවා.

මෙහි දරුවන්ගේ සනිපාරක්ෂක ගැටලු ගොඩක් තිබෙනවා. විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට ඒ දරුවන්ට පාවිච්චි කරන්න තියෙන්නෙ කුඩා වැසිකිලි දෙකයි .ලක්ෂ 19 ක් වියදම් කරලා.

ගැහැණු දරුවන්ට අවශ්‍ය වැසිකිලියක් පද්ධතියක් හදලා තිබුනත් දැනට හදන අවුරුදු පහක් වෙනවා අපේ ළමයින්ට ඒක විවෘත කරලා. දීලා නැහැ දොරවල් වහලා ඒ ගොඩනැඟිල්ල මේ වෙනකොට විනාශ
වෙමින් පවතින්නේ මට මේ වෙනුවට පවතින කොරෝනා තත්වය මත දරුවන්ගේ දුරස්ථභාවය තියාගෙන තමන්ගේ වැසිකිලි පහසුකම වත් කරගන්න පුලුවන් තත්වයක් මේ පාසලේ නැහැ මේ පාසල අන්ත
අසරණ තත්ත්වයට පත්වෙලා .

මෙම වැසිකිළි පද්ධතිය ඉදිකරලා වසර 5 ක් වෙනවා එහිදී යම් කිසි අක්‍රමිකතාවක් වුණා යැයි කියලා
පරීක්ෂණයක් තිබුණා ඒ පරීක්ෂණය ඉවරවෙලත් දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙලත් තවමත් සිසු අයිතියට පත් කරලා නැහැ.

මේ වෙනකොට එහි වහලේ සීට් ගැලවිලා ඇතුළේ වේයෝ බැඳලා මෙම ගොඩනැඟිල්ලට ජලය විදුලිය දෙකම තියෙනවා. ඒ තිබිලත් වහලා දාලා තියෙන්නේ.
ලක්ෂ 19 ක් වටිනාකම වතුරේ යන තත්වයකට පත්වෙලා ඒ වගේම විදුහල්පතිතුමා ඉහළ බලධාරීන්ට ඉල්ලීම් කළත් ප්‍රතිඵලයක් නැහැ. අපි මවුපියන් හැටියට ඉල්ලා සිටින්නේ පාසල තුළ හදලා තියෙන වැසිකිළි පද්ධතිය ඉක්මනින්ම රජය මැදිහත් වෙලා දරුවන්ට විවෘත කරලා දෙන්න කියලා.

පොල්ගහවෙල -ඩිමේෂ් අධිකාරී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14