ලක්ෂ හැටකට අධික කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද ලක්ෂ හැටකට අධික කේරළ ගංජා තොගයක් සමඟ මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (26) දින වැලිඔය පොලිස් වසමේ සපුමල්තැන්න ආරණ්‍යසේනාංසනය දෙසට ඇති අතුරු මාර්ගයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද පාර්සල් 13ක ඉතා සූක්ෂමව අසුරා තිබූ ලක්ෂ හැටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 27, ග්‍රෑම් 185ක තොගයක් වැලිඔය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පූජා නගරය, මහියංගනය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53