spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ හැටකට අධික කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද ලක්ෂ හැටකට අධික කේරළ ගංජා තොගයක් සමඟ මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (26) දින වැලිඔය පොලිස් වසමේ සපුමල්තැන්න ආරණ්‍යසේනාංසනය දෙසට ඇති අතුරු මාර්ගයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද පාර්සල් 13ක ඉතා සූක්ෂමව අසුරා තිබූ ලක්ෂ හැටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 27, ග්‍රෑම් 185ක තොගයක් වැලිඔය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පූජා නගරය, මහියංගනය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?