ලක්නව් සුපර් ජෑන්ට්ස් පිලට ලකුණු 04ක තියුණු ජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම මීට ටික වේලාවකට (08) පෙර සමත් වුණා.

ඒ ඊඩ්න් ගාඩ්න් හි දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තියුණු ලකුණු 04කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා පිල පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

කොල්කටාවේ ඇරයුම පිළිගත් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 238ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් නොදැවී ක්‍රීඩා කළ නිකලස් පූරාන් ලකුණු 87ක් වාර්තා කළා.

ඊට පන්දු 36ක් වැය වූ අතර හයේ පහර 08ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

මිචෙල් මාර්ෂ් ලකුණු 81ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 47ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී හර්ෂිත් රානා කඩුලු 02ක් සහ ඇන්ඩෘ රසල් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පිලිතුරු ඉනිම ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටාවරුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 07ක් දැවී ලකුණු 234ක් පමණයි.

අනගි ඉනිමක් ක්‍රීඩා කළ නායක අජින්කා රහනේ ලකුණු 61ක් රැස් කළා.

වෙන්කටේෂ් අයියර් ලකුණු 45 යි.

සුනිල් නරීන් ලකුණු 30යි.

කෙසේ වෙතත් අවසන් මොහොත තෙක් සටන ලෙහෙසියෙන් අත් නොහැරි කොල්කටාවරුන් අවසන් පන්දුවාරයේ දීත් ජයග්‍රහණයට පාර සෙවුව ද, ලක්නව් දඟ පන්දු ක්‍රීඩක රවී බිෂ්නෝයි ඊට ඉඩ ලබාදුන්නේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී ආකාෂ් ඩීප් සහ ශර්දුල් ටකූර් කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් අවෙෂ් ඛාන්, දිග්වෙෂ් රති හා බිෂ්නෝයි විසින් බිඳ හෙලුවා.

ඒ අනුව කොල්කටා පරදා ඉන්දීය ප්‍රීමිය‍ර් ලීග් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග 05න් තුනක් ජයගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානයට පැමිණීමට ලක්නව් කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29