spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලක්නව් කණ්ඩායමෙන් පන්ජාබයට ලකුණු 200ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම තීරණය කළේ පළමුව පනදුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

එහිදී ක්වින්ටන් ඩී කොක් ලකුණු 58ක් පන්දු 38කින් රැස්කළ අතර නිකොලස් පුරාන් පන්දු 21 කින් වේගවත් ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සෑම් කරන් ලකුණු 28කට දවාගත් කඩුළු සංඛ්‍යාව 03ක් .

මේ අනුව මෙම තරගය ජය ගැනීම සදහා පන්ජාබ් කණ්ඩායමට ලකුණු 200ක ඉලක්කයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?