spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

“සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කරගනිමින් පුරා වසර 73ක් තම මව්බිම වෙනුවෙන් වගකීම නිසි අයුරින් ඉටුකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිව තිබෙනවා.

දශක හතකුත් වසර තුනක කාලයක් මව්බිම වෙනුවෙන් වගකීම ඉටුකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරම්භ සිදුවන්නේ 1972 වසරේ මාර්තු 02 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වෙමින්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වන සංවත්සරය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මෙවර අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදී යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය, පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන්, විනෝද ක්‍රීඩා, දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර මෙවරත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි සවාරිය අදියර කිහිපයක් ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?