ලංවිමට නව සභාපතිවරයෙක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල පත්කර තිබෙනවා.

ඉංජිනේරු ආචාර්ය තිලක් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය පුරප්පාඩුව පැවතියා.