අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද (10) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.
අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබුණ ද විදුලි කප්පාදුව සිදුවීම නිසා අදාළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බවත් මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වෙනවා.
ඒ, අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.
එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළ කර නොමැති බවයි.
මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය අද (10) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.














RANIL GE SEPPADA WIJJA ONNA OYA WAGEYI. THAMUNTA KISIDAKA JANAMATHAYAK NATHI BAWA DANNA NISA JANATHAWA GENA HITHANNA ONA KAMAK NAHE, HITHANNETH NAHE. 2019 ANTHA PARADHA KALA JANATHAWA TA SEWAYA KARANNA EYALAGE SUBHA SIDHDHIYA DIYUNUWA HITHANNA EYA BUDU WENNA PERUM PURNA MAHA BODHI SATHWAYO NOWEYI NE. EYA EYATA ONA LESA KARAGENA YANAWA API MONAWA KIYUWATH. API REHI UNOTH POLICIYA HAMUDAWA DALA MARDHANAYA KARANAWA. EYA LIBEREL DEMOCRAY HEAWATH NIDAHAS PRAJATHANTHRAWADHAYA KIYANNE ANTHA DHANAPATHI EADHIPATHI WADHAYATA. EKA ME GONS LA DANNE NAHE. EYATA 2048 DAKWA PLAN GAHANNE EYA EYI THARAM KALAYAK INNE NAHE KIYALA DANNAWA WAGEMA, HITYATH BALAYA GANNA BAHE, GATHTHATH KARANNA BAHE KIYALA DANNAWA. BABEK NOWEYI NE. EYA EWA OKKOMA WAHAGENA MODA JANATHAWATA CARRROT PENNALA SITH SANASAWANAWA. ANR GONS LATH SADU KIYALA INNAWA