ලංවිමට ඉන්ධන ලබාදීම මුදල් ලැබුණු පසු – ගම්මන්පිල

ඉන්ධන අර්බුදය සහ වරින් වර විදුලි බලාගාර ආශ්‍රිතව ඇතිවූ දෝෂ සහගත තත්ත්වයන් මත සිදු වූ විදුලි කප්පාදු හේතුවෙන් රට තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් හට ගත්තා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඛණ්ඩව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ලබා දීමට මේ වන විට එකඟතාවය පළ කළ ද බලාගාර කිහිපයක් පසුගිය දින කිහිපයේ අවස්ථා කිහිපයකදී ඉන්ධන අවසන් වීම හේතුවෙන් අක්‍රිය වුණා.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අප කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් ඉන්ධන සදහා මුදල් ලබාදීමෙන් පසු අවශ්‍ය ඉන්ධන තොග විදුලිබල මණ්ඩලව වෙත ලබා දීමට කටයුතුකරන බවයි.

පවතින වාතවරණය හමුවේ විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි මාස 03ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් ද සිදුකර ඇති අතර එහි අවසන් තීරණය හෙට (15) දිනයේ ගැනීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ජනතාවට අවම බලපෑමක් සිදුවන පරිදී විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

මේ අතර විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් පසුගිය 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුුවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලි පාවිච්චිකරන්නගේ සංගමය චෝදනා කර සිටින්නේ මේ හරහා හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා විදුලි ඉංජිනේරුවගේ සංගමය කටයුතු කරන බවත් මේ දිනවල සිදුවන හදිසි විදුලි බිඳවැටීම් ඒ සඳහා සිදු කරන කඩාප්පල්කාරී ක්‍රියාවන් බවයි.

https://youtu.be/FN3K2MKCYA4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51