ලංගම බස් සේවා හරියන දවස ඇමති බිමල් කියයි

දෙසැම්බර් මස 31 වනදා වන විට දිවයින පුරා සියලුම ලංගම බස් රථ සේවා යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

පැවති ජල ගැලීම හේතුවෙන් හානියට පත්ව ඇති හලාවත – කොළඹ දුම්රිය මාර්ගය, ඉරණවිල පාලම, ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත බස් ඩිපෝව සහ හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුලු ඔය පාලම ආසන්නයේ ඇති ස්ථානය නිරීක්ෂණයට පැමිණි අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමත්‍ය බිමල් රත්නායක,

“හලාවත සිට වෙන්නප්පුව, නයිනමඩම දක්වා දිවෙන මුහුදු බඩ මහා මාර්ගයේ ඉරණවිල පාලමට පැවති ජල ගැලීම් හේතුවෙන් හානි සිදුවී තිබෙනවා. මෙම පාලම වෙනුවට ” බේලි බ්‍රිජ් ” නමින් හදුන්වන තාවකාලික යකඩ පාලමක් කඩිනමින් ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර තිබෙනවා. එම පාලම ඉදිකිරීම සදහා අවශ්‍ය කොටස් මේ වන විට එම ස්ථානයට ගෙනවිත් තිබෙනවා. එමෙන්ම කුඩාවැව දුම්රිය ස්ථානයට ආසන්නයෙන් සහ බත්තුලු ඔය පාලම ආසන්නයෙන්ද ජලය ගැලීම නිසා දුම්රිය මාර්ගයට හානි සිදුවී තිබෙනවා. හානි සිදුවී ඇති දුම්රිය මාර්ගයේ අදාළ ස්ථානවලට ගොඩ බිම ඔස්සේ ළගාවීම අති දූෂ්කර ක්‍රියාවක්. නමුත් බිදී ගොස් ඇති එම ස්ථාන කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය දුම්රිය සේවකයින් භාරගෙන තිබෙනවා. ඒ නිසා මාස දෙකක් වැනි කාලයක් තුළ හලාවත – කොළඹ දුම්රිය ධාවනය කරන්න හැකියාව ලැබේවි. හලවත – පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුලු ඔය පාළම ආසන්නයේ ඇති බිදී ගොස් ඇති ස්ථානය අනතුරුව යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය සේවකයින්ට හැකියාව ලැබේවි. ඒ අතර තුර ඇති අනිත් ගැටළුව තමයි ජලයට යට වීම නිසා අබලන් වී ඇති ලංගම බස් රථ නැවත මගී ප්‍රවාහනයට එක් කිරීම. මේ වන විට ලංගම සේවකයින් ඒ සදහා දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා. එම සේවකයින්ට රජයේ විශේෂ ස්තූතියද හිමි විය යුතුයි ඔවුන් කරන සේවයට. සේවකයින්ගේ කැපවීමත් ඒ සදහා රජය විසින් ලබාදෙන දායකත්වයත් අනුව දෙසැම්බර් 31 වනදා වන විට සියළුම ලංගම බස් රථ නැවත සේවයට එක් කරන්න හැකියාව තිබෙන බවට විශ්වාසයක් රජය තුළ තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51