spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බස් රියේ රියදුරු කොන්දොස්තරව ඝාතනය කෙරේ

කටුනායක – ඇවරිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (23) රාත්‍රියේ ගාල්කර තිබූ ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර අතර ඇති වූ ගැටුමකින් සිදුකළ පහරදීමක දී

කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෝතලයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොණරාගල සිට කටුනායකට මගීන් රැගෙන පැමිණි ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක්.

අදාළ බස් රථය ඊයේ (23) රාත්‍රියේ ඇවරිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල් කිරීමෙන් පසු දෙදෙනා එක්ව මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇතිබවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ බව කියන ලංගම බස් රථයේ රියදුරු ඇවරිවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?