spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බස් රථ රියැදුරන්ගේ වැරදි දැනුම් දෙන්න විශේෂ ඇප් එකක්

බස් රථ රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ, ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බවයි.

මේ අතර , ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමට ද තීරණය කර තිබෙනවා.

ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම බස් රථ පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218ක් පමණ සිදුව ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එහිදී පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?