ලංගම බසයක් අනතුරකට ලක්ව නවයකට තුවාල (ඡායාරූප)

දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් උඩුවැල්ල ප්‍රදේශයේ දී මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් අද (09) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙක් ඇතුළු 09 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.


තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරු ද සිටිනවා.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ දී බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසී ඇති බවත්, ඒ සමඟ බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමට සලස්සවා නතර කරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය අනතුරට පත් වූ ස්ථානයේ සිට මිටර් 300ක පමණ දුරකින් අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගීන් 50 දෙනෙකු පමණ සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44