ලංකා හොස්පිටලස් හිමිකාරීත්වය ගැන විශේෂ තීරණයක්

ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවාවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවයි ලංකා හොස්පිටල්ස් සමාගම සඳහන් කරනේ.

මෙම කොටස් පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව තමන් වෙත දැනුම් දී ඇති බවයි ලංකා හොස්පිටල්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලංකා හොස්පිටල්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්, කොටස් 58,781,308 ක් හෙවත් 26.27% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි ජීවිත රක්ෂණ අරමුදල සතුව පවතී අතර, කොටස් 56,080,643ක් හෙවත් 25.07% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි සාමාන්‍ය රක්ෂණ අරමුදල සතුව ද පවතිනවා.

ඒ, අනුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%කට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් හිමිකම් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37