ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු වේ.