ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලොකු බලාපොරොත්තුවක් (වීඩියෝ)

මෙම වසර අවසානයේ රුපියල් බිලියන 45ක ලාභයක් ඉපැයීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී විදුලි බිල අඩු කිරීම සඳහා කරන ප්‍රතිසංස්කරණවලදී සූර්ය පැනල එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කළ යුතු බවයි.

2024 ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ දිගුකාලීනව විදුලි බිල අඩුකිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස්වුණා.

මෙහිදී අනාවරණය වුණේ 2024 වර්ෂයේදී ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 800ක ප්‍රමාණයක් අලුතින් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.

විදුලිය අවසන් මිල වැඩි කිරීම් සියල්ල සිදු කෙරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ කොන්දේසි අනුවයි.

සරක් තුළදී තුන්වැනි වරටත් විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගැනීමට නොහැකි බව යළි යළිත් සිහිපත් කළයුතු නැහැ. ජනතාව කළ යුතු සියලු කැප කිරීම් කර අවසන්.

ළඟ තිබෙන රන් භාණ්ඩ උකස් කර විදුලිය ගාස්තු ගෙවන පවුල් ඉදිරියේදී තවාන් දැම්මා සේ බලා ගත හැකි වනවා නොඅනුමානයි.

දැන් ජනතාවට ඉතිරි වී පවතින්නේ වැරහැලි වී ගිය ඇඳිවත පමණයි. වසර අවසානයේ රුපියල් බිලියන 45 ක ලාභයක් පෙන්වීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය උජාරුවට පවස්නේ IMF කොන්දේසි මත ජනතාවට කෙතරම් බර පටවාදැයි බලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි විමතියට කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14