spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලොකු බලාපොරොත්තුවක් (වීඩියෝ)

මෙම වසර අවසානයේ රුපියල් බිලියන 45ක ලාභයක් ඉපැයීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී විදුලි බිල අඩු කිරීම සඳහා කරන ප්‍රතිසංස්කරණවලදී සූර්ය පැනල එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කළ යුතු බවයි.

2024 ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ දිගුකාලීනව විදුලි බිල අඩුකිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස්වුණා.

මෙහිදී අනාවරණය වුණේ 2024 වර්ෂයේදී ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 800ක ප්‍රමාණයක් අලුතින් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.

විදුලිය අවසන් මිල වැඩි කිරීම් සියල්ල සිදු කෙරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ කොන්දේසි අනුවයි.

සරක් තුළදී තුන්වැනි වරටත් විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගැනීමට නොහැකි බව යළි යළිත් සිහිපත් කළයුතු නැහැ. ජනතාව කළ යුතු සියලු කැප කිරීම් කර අවසන්.

ළඟ තිබෙන රන් භාණ්ඩ උකස් කර විදුලිය ගාස්තු ගෙවන පවුල් ඉදිරියේදී තවාන් දැම්මා සේ බලා ගත හැකි වනවා නොඅනුමානයි.

දැන් ජනතාවට ඉතිරි වී පවතින්නේ වැරහැලි වී ගිය ඇඳිවත පමණයි. වසර අවසානයේ රුපියල් බිලියන 45 ක ලාභයක් පෙන්වීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය උජාරුවට පවස්නේ IMF කොන්දේසි මත ජනතාවට කෙතරම් බර පටවාදැයි බලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි විමතියට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?