ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා මේ වනවිට හටගෙන ඇති විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපටබැඳිගේ ඉල්ලීමක් සිදු කරනවා.

විදුලි ජනන යන්ත්‍ර ඇති පිරිස් ඒවා භාවිත කර විදුලිය ලබා ගැනීමට පෙළෙඹෙන ලෙස පවසන ලේකම්වරයා කියා සිටින්නේ, විදුලිය අධික ලෙස පරිභෝජනය කරන අවස්ථාවේ දී ඒවා සැලකිලිමත් ලෙස භාවිත කරන ලෙසයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැය 24 පුරාම ජනතාවට විදුලිය සැපයීමට බැඳී ඇති අතර, එහෙත් රටේ පැන නැග ඇති මෙම අර්බුදකාරී වාතාවරණය තුළ කඩිනමින් ඊට විසඳුම් ලබාගත නොහැකි බවයි ඔහු පැවසුවේ.

දීර්ඝ කාලයක් පොසිල ඉන්ධන මත යැපීමට හැකියාවක් නොමැති අතර, එබැවින් නියත වශයෙන් ම පුනර්ජනනීය බලශක්ති වෙත ගමන් කළ යුතු බවයි ලංවිම ලේකම්වරයා කියා සිටින්නේ.

විදුලි බිඳවැටීම් රටපුරා අවස්ථා දෙකක් මෑතකදී වාර්තා වූ බවත්, ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර වාර්තාවක් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළැ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම කටයුතු සඳහා මේ වනවිට කමිටුවක් පත් කර ඇති බවයි.

මීට පෙර ද මෙවැනි අක්‍රමිකතා සිදුව ඇති අතර, ඒවා ගැන විමර්ශනය කිරීමට පත් කළ වාර්තා නිසි අයුරින් සමාජගත නොවීම ද මෙවැනි ක්‍රියා යළි යළි ඇතිවීමට හේතුවක් වන බව පෙන්වා දෙන ලේකම්වරයා පැවසුවේ, වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා දැයි මහජනතාව විසින් මහජන උපයෝගීතා කොමිසම දෙස වෘත්තීය සමිති සමග එක්ව මහත් අවධානයෙන් බලා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47