ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්වුණා.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉලක්ක සහගත වීම සහ එම ඉලක්ක කරා ළඟා වන පරිදි ප්‍රතිපත්ති පෙළගැස්වීම මගින්, මෙරට ආර්ථික වර්ධනයට සහාය වීම, සමාජමය යහපැවැත්ම සහ පාරිසරික තිරසාරභාවය පෝෂණය කිරීම ආදියෙන් රට සමෘද්ධිමත් අනාගතයක් කරා රැගෙන යාමට දායක වන ලෙසද පැවසුවා.

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී, නියෝජ්‍ය උප සභාපති විනෝද් හයිද්‍රාමනි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51