ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක පත්කර තිබෙනවා.

ඔහු අද (14) දින සභාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා යි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මහ බැංකුව මගින් එම පත්කිරීම අනුමත කර තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස මීට පෙර සිටියේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යි.

මීට පෙර යහපාලන සමයේ දී සිය සහෝදරයා වන සාගල රත්නායක විෂය බාර අමාත්‍යවරයාව සිටිය දී කාවන් රත්නායක වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ මෙන්ම ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබුණා.