spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකා බැංකුවට ඉතිහාසයේ වාර්තාගත ලාභයක්

ලංකා බැංකුව විසින් ඉතිහාසයේ වාර්තාගත බදු පෙර ලාභයක් උපයා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

එලෙස උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 43ක් බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව පිළිගැන්වීම පසුගියදා සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය වී තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත විසින් ජනාධිපතිවරයා වෙත එම වාර්තාව පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේ.

ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගැනීමට හැකිවූ බවයි එහිදී සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?