ලංකාව රනින් සැරසූ ෂෙනුකි

තුර්කියේ ස්තාන්බුල් නුවර පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අද (දෙසැ. 30) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවි එසවීම් ශූරතාවලියේදී රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය.

කිලෝග්‍රෑම් 47 බර පන්තිය යටතේ මෙම ශූරතාවලියේදී තරග කළ ෂෙනුකි දිශල්‍යා එම කාණ්ඩය යටතේ පැවති තරග ඉසව් හතරට ම සහභාගී වී එම ඉසව්වලින් රන් පදක්කම් 4 ම දිනා ගැනීමට සමත් වූවා ය.

එමෙන් ම, පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා සවි එසවීම් තරගයේදී ඇය තබා ඇති වාර්තාව අලුත් කිරීමට ද ඇයට මෙහිදී හැකිව විය.

අප වාර්තාකරු සඳහන් කළේ, ඇයගේ මීළඟ බලාපොරොත්තුව ලෝක ශූරතා සවි එසවීම් තරගාවලියට සහභාගී වී එයින් ද රන් පදක්කම් දිනා ගැනීම බව ෂෙනුකි දිශල්‍යා පැවසූ බව ය.

මෙම තරගාවලියේදී නව නීති රැසක් හඳුන්වා දී තිබූ අතර දැඩි තරගකාරී පසුබිමක ජයග්‍රහණ ලබා ගැනීමට තමන්ට හැකි වූ බව  කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක මහතා සඳහන් කළ බව අප වාර්තාකරු පැවසී ය.

“මෙම තරගාවලිය සඳහා අපේ පෞද්ගලික මුදල් එකතු කරලා රුපියල් ලක්ෂ 5ක් විතර හොයාගන තමයි අපි ගියේ. අද තමයි සමාප්ති උත්සවය තියෙන්නෙ. අපි ඒකට සහභාගී නොවී ආවා. එහෙත් ඉදිරියේදී අපි ශ්‍රී ලංකා රජයේ, ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සවි එසවීම් ක්‍රීඩා සම්මේලනයේ සහය බලාපොරොත්තු වෙනවා.” 

මෙම ආසියානු සවි එසවීම් ශූරතා තරගාවලිය කාණ්ඩ 6ක් යටතේ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කගේ පමණ සහභාගීත්වයෙන් තුර්කියේ ස්තාන්බුල් නුවර පැවැත් විණි.

දෙසැම්බර් මස 22 සිට 30 දක්වා මෙම තරගාවලිය පැවැත් වුණු ඇති අතර ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය වසර 2කින් පැවැත්වීමට නොහැකි විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28