spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2020න් පස්සෙ ලංකාවෙන් කිසිම සහයෝගයක් මට ලැබුණෙ නෑ

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 දකුණු ආසියානු වාර්ථාව බිඳ දමමින් දැවැන්ත වාර්තාවක් පසුගියදා පිහිටවනු ලැබුවා.ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කරදුන් සහ ලොවක් ඉදිරියේ ශ්‍රී ලංකාවේ නම ඔසවා තැබූ මේ දක්ෂයා යුපුන්, සමස්ත ශ්‍රී ලංකාවේම ඔලිම්පික් බලාපොරොත්තුව බවට පත්වී හමාරයි.මේ ජයග්‍රහණයන් හමුවේ යුපුන් අබේකෝන්ව අද අපි කතා බහකට එක් කරගත්තේ ආඩම්බරයෙන්..

යුපුන් කොහොමද මේ දවස් වල?

වරදක් නෑ.හොඳින් ඉන්නවා පුහුණුවීම් කරගෙන.ඒ අතරෙ ක්‍රීඩා කටයුතු වලටත් සහභාගී වෙනවා.පහු ගිය දවස් වල යෙදිච්ච ක්‍රීඩා කටයුතු මගේ කෝච් එක්ක තෝරා බේරාගෙන කරගෙන ගියා.ඉතිං ඒවයින් අලුත් වාර්තා තියන්න මට හැකියාව ලැබුණා.

කවදාහරි හිතුවද මේ වගේ තැනක්ට එන්න?

ඇත්තටම පොඩි කාලෙ sports පටන් ගන්නකොට එහෙම ලොකු බලාපොරොත්තුවක් නම් තිබ්බෙ නෑ.හැබැයි නමුත් ඉස්සරහට එනකොට,ක්‍රීඩාව ගැන ඉගනගන්නකොට මට හිතුනා දවසක හොඳ තැනකට එන්න ඕන කියලා.ඒක ඇත්තටම අමාරු දෙයක්.හැබැයි හොඳම අය එක්ක රේස් දුවන්න පුදුම ආසාවක් තිබුණා.

අපි යුපුන්ව දන්නෙ ක්‍රීඩකයෙක් විදියටනෙ.ඇත්තටම යුපුන් කියන් චරිතය ගැන විස්තරයක් කළොත්?

ඇත්තටම යුපුන් කියන චරිතය එක එක අවස්ථාවලට එක එක විදියට වෙනස් වෙනවා.ඒ කියන්නෙ ට්‍රැක් එකේ ඉන්න කෙනා නෙමෙයි ඒකෙන් පිට ඉන්නෙ.පිට ඉන්න කෙනා නෙමෙයි ට්‍රැක් එකේ ඉන්නෙ,යාලුවො එක්ක ඉන්නෙ..මගෙ ලඟම අය එක්ක ඉන්නෙ..හැබැයි මම අරමුණක් තියාගෙන ඒ වෙනුවෙන් කැපවෙන කෙනෙක්.මොන බාධකය ආවත් මම මගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා.ක්‍රීඩාවෙදි මම එහෙමයි.එතනින් පිටත ගත්තොත් මම අකමැතියි කියලා හිතන දේවල් කරන්න මම කොහොමත් කැමති නෑ.කැමැත්තෙන් කරන දේවල් වලට මම ලොකු අවධානයක් දීලා වැඩේ කරනවා.

මේ ගමන එනකොට යුපුන්ට ඕන තරම් අභියෝග වලට මූණ දෙන්න සිද්ද වෙන්න ඇති.මොකද මේ වගේ ගමනක් එන්න කොච්චර අමාරුද කියන එක අපි දන්නවා.අපි ඔබ මෙතෙක් ආ ගමන ගැන කතා කරමු..?

ඇත්තටම මම ආවෙ කිසිම ස්කොලෂිප් එකකින්වත් කිසිම ස්පොන්සර්ශිප් එකකින්වත් නෙමෙයි..ක්‍රීඩා කරන්නම ආස නිසා ඉතාලියට ඇවිත් තමයි මම වැඩේ පටන් ගත්තෙ.මට අවුරුදු ගානක් ගියා මේ වැඩේට අවශ්‍ය වටපිටාව හදාගන්න.ඇත්තටම ක්‍රීඩාව පිටින් පේනවට වඩා සෑහෙන්න වෙනස් දෙයක්.නිවැරදි අය ගාව නිවැරදි පුහුණුවීම්වල නිරත වෙන්න ඕන.2020න් පස්සෙ මගේ අලුත් වාර්තාවත් එක්ක තමයි මේ ගමන අද මේ විදියට පියවරෙන් පියවර ආව එකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නෙ.මොකද ක්‍රීඩාවකට හොඳ ප්ලෑන් එකක් අවශ්‍යයි.ඇත්තටම මට මුල් කාලෙ හරි ටීම් එකක් හිටියෙ නැතුව මම ගොඩක් අපහසුතා වලට පත් වුණා.ඉතාලියට ආවත් මගේ සියලු දේට මම මුදල් ඉල්ලගත්තෙ ගෙදරින්.ඒ වගේ අමාරුකම් මට තිබුණා.

යුපුන්ට ලැබෙන සහයෝගය විස්තර කළොත්?

මගෙ ඉතාලියෙ ටීම් එක නිසා තමයි මම අද මෙතන ඉන්නෙ.ටීම් වර්ක් එක නැතුව මේ වගේ තැනකට එන්න බෑ.කෝච්,ජිම් ට්‍රේනර්,ඇසිස්ටන් කෝච් මේ වගේම තව ගොඩක් අය ඉන්නවා මගේ ටීම් එකේ.මේ අය ඔක්කොම එක්ක අපි ඔක්කොම එකට ආව ගමනක් තමයි මේ.
ඒ වගේම මගෙ පවුලෙ අයවත් මතක් කරන්න ඕන.
ඒ විතරක් නෙමෙයි 2020දි මගෙ අලුත් වාර්තාව තිබ්බම එවකට ලංකාවෙ හිටිය ක්‍රීඩා ඇමතිතුමා මගෙන් කතා කරලා ඇහුවා ඔලිම්පික් සිලෙක්ට් කරවන්න මොනවද ඔයාට අවශ්‍ය,මොනවද අපෙන් වෙන්න ඕන කියලා..මම මට තිබුණ අවශ්‍යතා කිව්වා.මොකද ඔලිම්පික් සිලෙක්ට් වෙනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි.ඒක හුඟාක් අමාරු දෙයක්.සීයට සීයක්ම නැතත් මං ඉල්ලපු දේවල් වලින් යම් තරමක් මට එයින් ලැබුණා.මම ස්තූතිවන්ත වෙනවා එතුමාට ඒ වෙනුවෙන්.හැබැයි එතනින් පස්සෙ මේ වෙනකන් ලංකාවෙන් කිසිම සහයෝගයක් ලැබුණෙ නෑ මට.හැබැයි මං හිතනවා ඉදිරියටවත් මේ දේවල් වලට වටිනාකමක් ලැබේවි කියලා.මොකද කාලය වේගෙන් යනවා.ක්‍රීඩාව කියන දේ එක්ක අපි කාලයත් සමඟ ඉදිරියට යන්න ඕන.

ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න හැමෝටම බෑ.ඒකට විශාල දක්ෂකමක් තියෙන්න ඕන.මේ ගමන අතරෙ මුහුණදීපු කවදාවත්ම අමතක නොවෙන අත්දැකීම් තියනවද?

පොඩි කාලෙ ඉදන්ම අලුත් අත්දැකීම් තියනවා.පලවෙනි සවුත් ඒශියන් රෙකෝඩින් එක තිබ්බ එක මට විශේෂ අත්දැකීමක්.එතනින් පස්සෙ තමයි ගොඩක් දේවල් වෙන්න ගත්තෙ.මේ දවස් වල මම ආසම දෙයක් තමයි ක්‍රීඩා කටයුතු වලදි විවිධ රටවල ක්‍රීඩකයො අපිට හම්බෙනවා.එයාලා එක්ක එක මේසෙ ඉදන් කන්න බොන්න ලැබෙන එකම ලොකු අත්දැකීමක්.එයාලගෙ අදහස් බෙදාගන්න එක සෑහෙන්න වටිනා දෙයක්.වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් එක්ක එක මේසෙ ඉදන් කෑම ගන්නවා කියන්නෙත් වටිනා දෙයක්.

යුපුන් තමයි ලංකාවෙ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව.යුපුන් ඒ ඉලක්කය ගැන මොකද හිතන්නෙ?

ඔලිම්පික් කියන්නෙ බලාපොරොත්තුවක්ම තමයි.ඒකට වැඩ කරන්න ඕන.ඔලිම්පික් එකක් එන්නෙ අවුරුදු 4කට සැරයක්.ඉවෙන්ට් එකකට මෙඩ්ල්ස් තුනයි තියෙන්නෙ.එක ගෝල්ඩ් මෙඩ්ල් එකක් වෙනුවෙන් මුළු ලෝකයක්ම බලාගෙන ඉන්නවා.ඒ වෙනුවෙන් ලෑස්ති වෙනවා.ඒ පුහුණුවීම දවසින් දෙකින් කරන්න බෑ.ඒක අවුරුදු ගානක ප්ලෑන් එකක්.හරි නම් මේ වෙනකොට රටක රජය විසින් 2028 ඔලිම්පික් වලටත් ට්‍රේනින් පටන් අරන් තියෙන්න ඕන.මේ වෙද්දි ඉතාලියෙ පොඩි ලමයින්ගෙ ඉදන් ප්‍රැක්ටිස් පටන් අරන් තියෙන්නෙ.ඔලිම්පික් කියන්නෙ අහම්බෙන් හම්බෙන ජයග්‍රහනයක් නෙමෙයි.ඒකට වියදම් යනවා.ඒ කැපවීම් කරලා ක්‍රීඩකයන්ව ඉදිරියට ගේන්න ඕන.ඇත්තටම ගොඩක් අය කියනකොට “යුපුන් ඔයා තමයි අපේ ඔලිම්පික් බලාපොරොත්තුව ” කියලා මට ඒක ඇත්තටම ස්ට්‍රෙස් එකක්.මොකද ක්‍රීඩාව ගැන දන්න අය අඩුයි.කවුරු හරි ලංකාව වෙනුවෙන් දුවද්දි ඒක බලලා චියර් කරාට ඇත්තටම ඒ අයට අවබෝධයක් නෑ මෙතන මොකක්ද වෙන්නෙ කියලා.හැබැයි ක්‍රීඩකයෙක් විදියට මම උත්සාහා කරනවා මගේ උපරිමය කරන්න,හැබැයි පොඩි කාලෙ ඉදන්ම මට කවුරු හරි උදව් කරා නම් මට ඔලිම්පික් හීනෙට යන්න තිබ්බා.දැන් ක්‍රීඩා දක්ශකම් පෙන්නන දරුවන්ට plan එකක් ඇතුව පොඩි කාලෙ ඉදන්ම ප්‍රැක්ටිස් කළොත් ගොඩක් වටිනවා.නැත්තම් ලංකාවට කාටවත්ම ඔලිම්පික් මෙඩ්ල් එකක් ගේන්න හම්බෙන්නෙ නෑ.

ක්‍රීඩා අංශයෙන් යුපුන් ලබපු පලවෙනිම ජයග්‍රහනය මොකක්ද?

මුලින්ම ඉස්කෝලෙ එක වසරෙදි ක්‍රීඩා උත්සවයෙදි ලබපු ජයග්‍රහණයක්.

යුපුන් ඉස්සරහා තියන අභියෝග මොනවද?

ගොඩක් දේවල් තියනවා.ක්‍රීඩාව කියන දේ පවත්වගෙන යන්න අමාරුයි.මොකද එක එක ක්‍රීඩා වලට එක එක ගුණාංග තියනවා.හැම ක්‍රීඩාවම එක වගේ නැහැ.අපි අපේ ශරීර සෞඛ්‍ය හොඳින් තියාගන්න ඕන.තමන් කැමති විදියට ඇවිදින්න,කන්න බොන්න බෑ.ඉතිං ඒවා දරාගන්න ඕන.ලංකාවෙ අයට මේ ක්‍රීඩාව කියන දේ තේරුම් කරලා දෙන එකත් අභියෝගයක් .ඇත්තටම මම ඒකට උත්සාහා කරනවා.ජනප්‍රිය වෙන්න නෙමෙයි,ඉන්න ටික දෙනාට හරි මේකෙ වටිනාකම තේරුම් කරලා දෙන්න ඕන.ක්‍රීඩා තාක්ෂණය අතින් අනිත් රටවල් සෑහෙන්න දියුණුයි.ඒ රටවල් එක්ක බලනකොට ලංකාව තියෙන්නෙ කොතනද…ලංකාවෙ ක්‍රීඩාව තියෙන්නෙ කොතනද..ඒක තේරුම් කරන එක එක්තරා අභියෝගයක්.
අනිත් එක ලංකාවෙ ක්‍රීඩාවට තියන වෘත්තීය පිලිගැනීම සෑහෙන්න අඩුයි.ඇත්තටම නැතිම තරම්.ඇත්තටම ඉතාලි වල ක්‍රීඩකයන්ට ලැබෙන දේවල්,ආර්ථිකය,පහසුකම් ආදී දේවල් මම දකිනවා.ඒවා වැඩිදියුණුවෙන හැටි මට පේනවා.ලංකාව ඒ මට්ටමට එන්න හිතලවත් නෑ.අනිත් ක්‍රීඩකයො ඉස්සරහට යනකොට මට ඒවා නැති වෙන අවස්තා වැඩියි.කෑම බීම ගන්න,සපත්තු ගන්න,අවශ්‍ය දේවල් ගන්න බැරිවෙනකොට ඒක දරාගන්න අමාරුයි

යුපුන්ට මේ වෙනකොට තියන ලොකුම බලාපොරොත්තුව මොකක්ද

ඇත්තටම මට හිතුණා දවසක හොඳ ක්‍රීඩකයෙක් වෙන්න.ඒක තමයි තිබ්බ ලොකුම හීනය.ඒ වගේම සමාන්‍ය මනුස්සයෙක්ගෙ හීනත් තියනවා.නම ගිය ක්‍රීඩකයෙක් වෙන්න ආසයි.ලෝකෙ නම කියද්දි අඳුර ගන්න දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න ආසයි.මෙච්චර දුරක් ආවෙත් ගොඩක් අමාරුවෙන්.

මේ ජයග්‍රහණයන් එක්ක යුපුන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් අය wish කරනවා.හැමෝම මාත් එක්ක ඉන්නවා.මම රෙකෝඩ්ස් අලුත් කරපු කාලෙ ඉදන් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා.ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.මම නිතරම දේවල් ශෙයා කරනවා දැනුමට.මොකද දැනුම තමයි අංක එක.මං ගැන අවබෝධයෙන් ඉන්න අයට ගොඩක් ස්තූතියි.මොකද ලෝකයේ ක්‍රීඩාවයි ලංකාවෙ ක්‍රීඩාවයි කියන්නෙ දෙකක්.ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්නෙ.ගොඩක් අය දන්නෙ ක්‍රිකට් ගැන විතරයි.ඒත් එතනින් එහාට හුඟක් අමාරු දේවල් ගොඩක් තියනවා.මම උත්සාහා කරනවා ලංකාවෙ අයට ඒ දේ අවබෝධ කරන්න.

යුපුන්ට මේ වෙලාවෙ ලංකාවට කියන්න දෙයක් තියද?

ලංකාව මේ වෙලාවෙ ඉන්නෙ අමාරුම කාලයක.මම ඉල්ලනවා හැමෝගෙන්ම මේක,මේ වෙලාවෙ හැමෝම,හැමෝටම උදව් කරන්න..මනුස්සකම තියාගන්න..මේ වෙලාවෙ කොහොමහරි අල්ලන් ඉන්න.අපිට මේ වෙලාවෙ අල්ලන් ඉන්න බැරි උනොත් ලංකාව අපිට නැතු වෙයි.සුදුසු පුද්ගලයන්ව සුදුසු ක්ශේත්‍ර වලට පත් කරන්න.අවශ්‍ය පුද්ගලයො අවශ්‍ය තැන්වල නැති වීම නිසයි ලංකාවට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ.මං හිතන්නෙ මේ කතාවට හැමෝම එකඟ වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?