ලංකාව මට එපාම වුණා

ගයත්‍රි ඩයස් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා සිටින්නේ කොළඹ ඉතාලියේ ආශා සහ පාර දිගේ නාට්‍යයේ පුෂ්පා නෝනා යන චරිතවළට අමතරව once upon a time – Colombo නාට්‍යයේ රඟපාන චරිතය නිසයි. වෙනස්ම චරිත කීපයක් සමඟ මේ විදියට ගයාත්‍රී අපට හමුවූනත්, සැබැ ජීවිතයේ දී ඇය හමුවන්න නම් සත් සමුද්‍රරෙන් එහාට යන්න වෙනවා. ඒ කියන්නේ අද අපට ඇය හමුවන්න කැනඩාවට යන්න වෙනවා. මේ ගයාත්‍රී කැනඩාවේ සිට අපට හමු වූ විදියයි.

‘‘ගයාත්‍රී’’ හිටි හැටයේම ලංකාවෙන් ගියේ?

හිටි හැටියේම නෙවෙයි. කාලයක් තිස්සේ ළමයින්ගේ, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න හිතාගෙන හිටියේ. එයාලගේ අනාගතය ගැන හිතනවාට වඩා සමහර වෙලාවට මගේ කලා කටයුතු වලදී මම කැපවී සිටියා. ඉතින් තවත් කල් ගියොත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මට කාලයක් ඉතිරිවන එකක් නැහැ. ඒ නිසා, දරුවන් වෙනුවෙන් දැන් පෙරට වඩා සම්පූර්ණයෙන්ම කැපවීය යුතු කාලය බව මම තේරුම් ගත්තා. මට යුතුකම් ඉටු නොකර නිකම්ම මැරිලා යන්න බැහැ. ඒ නිසා මාගේ සියලු වැදගත් කියන කටයුතු පැත්තකට දාලා දරුවන් වෙනුවෙන් මේ තීරණය ගත්තේ.

දුවලා දෙන්නා මොනවද කරන්නේ?

ලොකු දුව මනෝ විද්‍යා අංශයේ උපාධිය හදාරනවා. එහි මාස්ටර්ස් එක කරන්න එයා අවුරුද්දක් විතර එංගලන්තයට යාවි. ඊට පස්සේ එයා පොඩිදුව සහ මා එක්ක ජීවිතය ගත කරන්න කැනඩාවට ඒවි. පොඩිදුව ඉතිරි අධ්‍යාපන කටයුතු මෙහි සිට කරාවි.

කොහොමද කැනඩාවේ ජීවිතය?

ඒක හරියට ගිනි අව්වේ ඉඳලා ශීතල වතුරකට බැස්සා වගේ දෙයක්. කැනඩාව කියන්නේ ශීත දේශගුණයක් තියෙන රටක් බව අපි හැමෝම දන්නා දෙයක්නේ. ඉතින් ඒ ශීතලට ඔරොත්තු දෙන්න වෙනවා. දැන් මම ඒකට හුරුවෙමින් ඉන්නේ. ළමයි දෙන්නා වෙනුවෙන් මේ කැප කිරීම මම ආසාවෙන් කරන්නේ. ‘ඇල්බර්ටා’ නගරය සහ මේ පළාත මේ රටේ වැඩිම හිමපතනයක් තියෙන පළාතක්. හරිම ලස්සන පළාතක්. මීට පෙර මේ රටට මම කීප වතාවක්ම ඇවිත් තියෙනවා. දිගු කාලයක් ඉන්න බලාගෙන ආවේ මේ සැරේ. මම ඉන්නේ මගෙ නංගි සහ එයාගේ සැමියාගේ ගෙදර. ඒ නිසා මට පාලුවක් නැහැ. එයාලගේ දුවලා තුන්දෙනෙක් ඉන්නවා. දැන් එයාලා ඉන්න ගෙදරට වඩා අපටත් එක්ක තවත් ලොකු ගෙදරකට යන්න එයාලා මේ දිනවල කටයුතු කරමින් ඉන්නේ.

ගයාත්‍රීගේ නංගි රඟපාලම නැද්ද?

නැහැ, එයා ලංකාවේ හිටියේ නැති තරම්. නංගියි එයාගේ සැමියයි, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය තියෙන අය. මෙහේ ඇවිත් ඉන්නේ එයාලගේ රැකියාවලට. නංගි අවුරුදු 15-16 විතර ඉඳලා ලංකාවේ නෙවෙයි ජීවත් වුණේ. අපේ අම්මා පසුගිය දිනවල කොවිඩ් නිසා මියයාම අපි දෙන්නටම ගෙන දුන්නේ විශාල කම්පනයක්.

අම්මගේ මරණයෙන් පස්සේ මට ලංකාවේ ජීවිතය එපා වුණා. අපි බොහොම වෙලාවට ලංකාවේ දී ජීවත්වෙලා තියෙන්නේ හරිම ආත්මාර්ථකාමී මිනිස්සු කොටසක් එක්ක කියන දේ තේරුම් ගන්න පුළුවන් වුණා. ඒක තේරුම් ගන්නකොට, මට ඉතුරු වුණේ තමන්ගේ අය කියන පිරිස විතරයි. එතැනදී තමයි මම තීරණය කළේ මේ ඔක්කොම දාලා ගිහින්, ජීවිතයේ අන්තිම කාලයේදීවත් හිතට හරියන තැනක ඉන්න ඕනැය කියලා. කිසිම දරුවෙක් තමන්ගෙ මව්පියන් මේ විදියට හුදෙකලාව මරණයට යොමුවේවි කියලා හිතන්නේ නැහැනේ. අපේ අම්මා කොවිඩ් නිසා මැරුනාම, මට වාවන්නේ නැතුව ගියා. මොකද කිව්වොත් අපේ අම්මා හරි ලස්සනට ඇඳපැළඳ ජීවත් වූ කෙනෙක්. මේ ජීවිතේ මොකක් ද මේ කියන දේ අපේ අම්මගේ මරණයෙන් පස්සේ මම හොඳින්ම වටහා ගත්තා. දැන් මට ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්, දරාගන්න පුළුවන් තරමට හිත ශක්තිමත්. මම දිගටම අඬමින් ඉන්නකොට, මගේ දූලා දෙන්නා ඇවිත් අම්ම දැන් අඬන්න එපා, දැන් ඇති කියලා මාව සැනසුවා. එතකොට මම එයාලට කිව්වේ පුතේ ඔයාලට මම නැති වුනානම්, මේ දුක තේරේවි කියලයි. මම නැතිවුණොත් මේ දරුවන්ට මොකද වෙන්නේ කියලා මට හිතුන නිසා, දැන් මම ඒ දෙන්නා එක්කම ජීවිතේ සෑම තත්පරයක්ම ඉන්න ඕනෑය කියන තැනට ආවා. මෙච්චර දුරට මේ තීරණය ඉක්මන් වුණෙත් ඒ නිසාමයි.

දූලා දෙන්නා, ලංකාව අත්හැර යාමට සිදුවීම ගැන මොනවද කියන්නේ?

ඒ දෙන්නම අධ්‍යාපන කටයුතු කරමින්, මාත් එක්ක ජීවත් වූ දරුවෝ දෙන්නෙක්. ඒ නිසා බාහිර කිසිම නරක දේවල් එයාලට ඇවිත් තිබුණේ නැහැ. ඒ නිසා මේ ජීවිතයට පුරුදු වීම එයාලට අසතුටක් නෙවෙයි. එයාලා මේ තීරණය ගත්තේ කැමැත්තෙන්.

මේ ගමන යනවට ‘චන්න කැමති වුණා ද?’

එයා කැමතියි. දවසක එයත් මෙහෙට ඒවි. දරුවන්ගේ අනාගතය ගැන කටයුතු කරද්දි, දරුවන්ට හොඳක් වෙන සෑම තැනකදීම එයා කවදත් හිටියා. මොනම වෙලාවකදීවත් එයා පැතිවලට ඇද්දේ නැහැ. දරුවන්ට හොඳම දේ දෙන්න එයාටත් ඕනෑ වුණා. අනෙක දරු දෙන්නා ඉන්නේ මාත් එක්ක. ඒ ගැනත් එයාට තියෙන්නේ ලොකු විශ්වාසයක්. මම දරු දෙන්නා. රැක බලා ගන්න විදිය සහ මෙතෙක් රැකබලා ගත්ත විදිය ගැන එයා දන්නවා.

මුළු පවුලම කැනඩාවේ දී එකතු වුණොත් හොඳයි නේ ද?

දරුවන් නිසා, දරුවන්ගේ දේ එක්ක ඇත්තටම එහෙම වෙන්වීමක් නැහැ. සදාකාලිකව අම්මා-තාත්තා දරුවෝ එක්ක බැඳීම හැමදාම තියෙන දෙයක්. අවශ්‍ය වෙලාවෙදී අපි පවුලක් ලෙස එකට හිටියා. අපි සමහර විට හිත්වලින් යම් යම් ප්‍රශ්න මත දුරස්වෙලා නම්. ඒ දේ ආයේ හැදෙන එකක් නැහැ. ඒත් දරුවන් වෙනුවෙන් සිදුවිය යුතුදේ වෙනුවෙන් එදා වගේම හෙටත් අපි එකට එක්ව කටයුතු කරාවි. එතැනින් එහා දෙයක් නම් සිදු නොවේවි.

ගයාත්‍රිගේ සැලොන් එකට මොකක් වේවි ද?

ඒක මිලදී ගන්න හොඳ ඔෆර් එකක් ආවා. ඒත් තවම තීරණය කළේ නැහැ. මගේ ස්ටාෆ් එකට ඒක කරගෙන යන්න බාර දීලා ආවේ. විශ්වාසවන්ත කෙනෙකුට මම බාර දෙන්න කැමතියි. මට තියෙන්නේ බොහොම කලාත්මක විදියේ සැලොන් එකක්. එතැන හරිම නිදහස් තැනක්. ඒ නිදහස මනසට ලැබෙන විදියට කලාත්මක විදියට එතැන නිර්මාණය කරල තියෙන්නේ.

කොහොම ද කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ?

මෙහෙට ආවට පස්සේ තමයි මට දැණුණේ මිනිස්සු මොනතරම් ආසාවෙන් ඒ නාට්‍ය බලනව ද කියලා. මෙහේ ඉන්න සමහර අය ආ පුෂ්පා නෝනා කොහොමද කියලා අහන තරමට ඒ චරිත එයාලගේ අතර ජනප්‍රියයි. ඒක සතුටට කරුණක්. නංගිගේ යාළුවන්ට මම මෙහේ ඇවිත් ඉන්න බව ආරංචි වෙලා එයාලත් නිතර කෝල් කරනවා. එයාලා හරි සතුටින් ඉන්නේ මාව දැක ගන්න සහ මා එක්ක කතා කරන්න. මටත් ඒක ලොකු සතුටක්. හැබැයි ඒ මොන දේ වුණත්, මම මාර විදියට ආසා කළ දෙයක් තිබුණා.

ඒ මොකක්ද?

මාව කවුරුවත් දන්නේ නැති තරමේ නිදහසකින් ජීවත්වීමට. මොකද කිව්වොත්, මගේ ජීවිතේ භාගයටත් වඩා කාලයක් ගෙවුනෙත් ජනප්‍රියත්වය කියන දේ එක්ක. ඒ නිසා මට පුද්ගලික නිදහසක් නොතිබුණ තරම්. ගෙවි ගිය මුළු ජීවිත කාලයම මම ඉඳලා තියෙන්නේ අනෙක් අයට ඕනෑ විදියට. ඉතින් මට මගේ නිදහසත් එක්ක ඉන්න ආසා කළා. ජනප්‍රියත්වය එක්ක නිදහස බාධා වෙනවා. ඒ නිසා තවත් කාලයක් මම ලංකවේ හිටියා කියලා කියමු. එතකොට මැරෙනකල්ම ඒ නිදහස ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ රට ඇතුළේදි හැකිතාක් නිදහසේ ජීවත් වෙන්න ලැබේවී. බොහොම සාමාන්‍ය මිනිසකු ලෙස සාමාන්‍ය විදියේ ජීවිතයක් ගත කරන්න මට ආසයි.

ඒ කියන්නේ කැනඩාවේ දී රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නෙ නැහැ කියල ද කියන්නේ.?

අපේ කට්ටිය ඇවිත් මෙහේ හොඳ වැඩක් කළොත් මම ඒකට දායක වේවී. මොකද මොන දේ කළත් කලාවට හදවතින්ම ආදරෙයි. කලාවට ආදරේ නිසාම ලංකාවේදී මගේම නිර්මානයක් කරන්න සැළසුම් කරලා තිබුණේ. ඒත් මෙහිදී හරි ඒ අදහස සාර්ථක කරගන්න උත්සාහ කරනවා. අධ්‍යක්‍ෂණය පැත්තට යන්න හරිම ආසයි. රඟපෑමට වඩා දැන් මම වැඩියෙන්ම ආසා කරන්නේ අධ්‍යක්‍ෂණයට.

ජායාරූප පහතින්..

උපුටාගැනීම – සඳුන් ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06