ලංකාව බරපතල තත්වයක – සරසවි ආචාර්යවරයෙකුටත් ඔමික්‍රෝන්

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවා.

ඒ නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා නැවත වර්තමාන ලෝකය අනාරක්ෂිත වෙමින් පවතින බව ලෝකය පුරා වාර්තා වලින් පෙනෙන්න තිබෙනවා. ලංකාවට මේ අනාරක්ෂිත බව බරපතල විදිහට ඇවිත් තිබෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාලයක ආචාර්යවරයෙකුට ඔමික්‍රෝන් ආසාදිතව ඇති බවට පී. සී. ආර් පරීක්ෂණයෙන් අනාවරණය වුණා. අද වන විට ලංකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් එක් අයෙක් අර කියන විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ ස්වාමි පුරුෂයා. තව එක් කෙනෙක් උණ රෝහලින් සොයා ගෙන තිබෙනවා. අනෙක් කෙනා ඉන්දියානු ජාතිකයෙක්. මේ ඉන්දියානු ජාතිකයාගේ තත්ත්වය තමයි ඉතාමත් බරපතල වන්නේ. මොකද මේ ඉන්දියානුවා ලංකාවට ඇවිත් තියෙන්නේ දෙසැම්බර් මස 09 වෙනිදා. මොහු නැවත යන්නෙ දෙසැම්බර් මස 11 වනදා. මොහු 09 හා 10 කියන දවස් දෙකේම කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ සමාජ ශාලාවක කැසිනෝ සෙල්ලම් කරලා තියෙනවා. ඔහුත් එක්ක කැසිනෝ සෙල්ලම් කරපු අයට තවම පී.සී.ආර් කරන්න ආණ්ඩුවක් විදිහට සෞඛ්‍ය අංශ කටයුතු කරලා නැහැ. අනෙක් කාරණය තමයි මේ වනවිට ගුවන් තොටුපල අනාරක්ෂිතයි. ගුවන් තොටුපලට යන එන මගීන්ගේ ප්‍රමිතිය පරික්ෂාවට ලක් වන්නේ නැහැ. අද හරියට පී.සී.ආර් කරන්නේ නැහැ. නමුත් 5000 කට පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනවා කියලා කියනවා. නමුත් එම සංඛ්‍යාව කරන්නේ නැහැ. රෝගීන් මුණ ගැහෙනවා කියලා හමුදාපතිවරයා කියනවා. හැමදාම රෝගීන් හමු වන්නේ හත්සිය ගණනක්. එම ගණන උඩ යන්නෙත් නැහැ යට යන්නෙත් නැහැ. සෞඛ්‍ය අංශවලට මේ වේලාවේ හරියටම සංඛ්‍යාලේඛන එන්නේ නැහැ. ඒ අනුව මේ කියන සංඛ්‍යා ලේඛන අසත්‍ය ඒවා බව පැහැදිලියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22