ලංකාව ණය නොගෙවා ඉන්න සහන කාලයක් ඉල්ලයි (වීඩියෝ)

බැඳුම්කර හිමියන් සමඟ මේ සතියේ ලන්ඩනයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ණය නොගෙවා සිටීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ඉහළ පෙලේ ප්‍රකාශකයෙක් දසත නිවුස් වෙත පැවසුවා.

එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක ණය ගෙවීම ශ්‍රී ලංකාව 2022 වසරේ සිට පැහැර හැර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තවමත් පොරබදමින් සිටින බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩනයේ පැවැත්වෙන සාකච්ඡා අතරතුර ඩොලර් බිලියන 12ක ණය ආපසු ගෙවීමේ වසර පහක සහනයක් ලබා ගැනීම මුදල් අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

විදේශ ණය නැවත ගෙවීම සඳහා රජයෙන් කරන ලද යෝජනාවක් සලකා බලා බැඳුම්කර හිමියන්ගේ මෙහෙයුම් කමිටුව එකඟතාවයකට පැමිණීමට හෝ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙන බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

වසර පහක් සඳහා ගෙවීම් කල්දැමීමත්, 2028 ආරම්භයේ සිට 2042 දක්වා ණය ආපසු ගෙවීමත් රජයේ යෝජනාවයි.

මේ අතර ශ්‍රී ලංකාවට මූල්‍ය සහන ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ සක්‍රීයව සාකච්ඡා කිරීමට සිය මූල්‍ය ආයතන සඳහා අඛණ්ඩව සහය වීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් ණය හිමියන් සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගැනීමට කැමැත්ත පළ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සිකුරාදා පැවසුවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක් අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයේ කළ සංචාරය අවසානයේ මෙම ප්‍රකාශය නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ පුනර්ජීවනය කිරීමට දරන ප්‍රයත්න මධ්‍යයේ දෙරට අතර නව ගිවිසුම් නවයකට ද අත්සන් තැබුවා.

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ, ශ්‍රී ලංකාව චීනයේ EXIM බැංකුව සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බවත්, එය මේ වසරේදී තවදුරටත් දීර්ඝ කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ක්ෂණික හදිසි පියවරක් ලෙස 2022 වසරේ සිට වසර දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ණය ආපසු නොගෙවා සිටීමට චීනයේ එක්සිම් බැංකුව එකඟතාව පල කළා.

2024 අප්‍රේල් මාසයේ සිට ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කරන ලෙස චීන බලධාරීන් දැනටමත් රජයට දන්වා ඇත්තේ යම් සහනයක් දීර්ඝ කිරීම ගැන ඉන් පසු සලකා බැලීමේ පදනම මතයි.

2023 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.3ක්.

ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.8 ක් ද, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.84 ක් ද, වාණිජ ණය ඩොලර් බිලියන 14.74 ක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26