ලංකාවේ වැඩිම පිරිසක් නරඹපු ‘සකූගේ කතාවේ දෙවෙනි කොටස’ සිරසේ පෙන්වන හේතුව මෙන්න

සකූගේ කතාව කියලා කියන්නේ මීට ටික කාලෙකට කලින් ස්වර්නවාහිනී නාලිකාවේ විකාශය වූ අතිශය සාර්ථක ටෙලි නාට්‍යක්. ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කල සකූගේ කතාව එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසය වාර්ථාගත වැඩිම ප්‍රේක්ෂක නැරඹුම් ලැබූ දේශීය ටෙලිනාට්‍ය ලෙසද ඉතිහාසයට එක්වුණා. ඒ LMRB සමීක්ෂණ වාර්තාවන්ට අනුව 14 + වැඩි රේටින්ග් සංඛ්‍යාවක් ලබාගනිමින්. මීට අමතරව සකූගේ කතාව සමාජ ජාලවලද අඩුම කාලයක් තුළ වැඩිම නැරඹුම් ලැබු ටෙලිනාට්‍ය ලෙසද ඉතිහාසයට එක්වුණා.

පසුගිය කොවිඩ් 19 වසංගතයත් සමග සකූගේ කතාවේ දෙවෙනි කොටස රූපගත කිරීමේ කටයුතු තරමක් ප්‍රමාද වූ අතර මේ වන විට එහි රූගත කිරීම් ආරම්භ වී ඇති බව එහි රංගන දායකත්වය දක්වන ජනප්‍රිය කලාකරුවන්ගේ සමාජ ජාලා ගිනුම් වල සටහන් කර තිබුණා. සකූගෙ කතාව දෙවෙනි කොටස සකූගේ ලෝකය ලෙස විකාශය වන්නේ සිරස රූපවාහිනී නාලිකාවේයි.

වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ සහ වැඩිම ආදායම් ඉපැයූ සකූගේ කතාව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය නොකිරීම පිලිබද යම් සමාජ කතිකාවතක්ද ඇති වී ඇති අතර පසුගිය කාලසීමාව තුළ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සියළුම වැඩසටහන් අතිශය ජනප්‍රියවීම සහ ඉහළ ආදායම් ඉපැයීම ,සකූගේ කතාව එම නාලිකාවට ලබාදීමට හේතුව බවද සදහන්. එලඹෙන මැයි 3 දා සිට සතියේ දිනවල රාත්‍රී 8ට සකූගේ ලෝකය සිරස TV ඔස්සේ විකාශය වීමය නියමිතයි.

සටහන – ඉෂාර නානායක්කාරවසම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08