ලංකාවේ වාහන භාවිතා කරන්නන් ඉදිරියේ දී බරපතල අර්බුදයක 

ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය (CMTA) ශ්‍රී ලංකාවේ වාහන භාවිතා කරන්නන් ඉදිරියේ ඇති වන බරපතල අර්බුදයක් පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.

අමතර කොටස් ඇණවුම් සම්බන්ධයෙන් LC පහසුකම් ස්ථාපිත කිරීමේ දුෂ්කරතා පිළිබඳව කනස්සල්ල මතු කරන CMTA, බැංකු විසින් මෙම නිල නොවන සීමා කිරීම් ශ්‍රී ලංකාවේ වාහන ඇණිය නඩත්තු කිරීම අඩාල කිරීමට පටන් ගෙන ඇති බව පැවසීය.

“මෙම සීමා කිරීම් භාණ්ඩ හා පුද්ගල ප්‍රවාහනයට මෙන්ම සමස්ත ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරනු ඇත. ප්‍රවාහන ක්‍ෂේත්‍රය නැවතුණහොත් එය ප්‍රවාහන පහසුකම් මත දැඩි ලෙස රඳා පවතින අපනයන සහ සංචාරක ව්‍යාපාරය වැනි රටේ ප්‍රධාන ආදායම් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත,” සංගමය අනතුරු ඇඟවීය.

බොහෝ වාහන හිමියන් අනතුරුදායක පැච් අළුත්වැඩියා කිරීම්, අව්‍යාජ නොවන අමතර කොටස් භාවිතය සහ විදේශයන්හි කුණුකන්දවලින් ආනයනය කරන අමතර කොටස් භාවිත කිරීම වාහන භාවිතා කරන්නන්ට සහ මහජනතාවට විශාල අවදානමක් ගෙන දෙන බව CMTA වැඩිදුරටත් පෙන්වා දෙයි.

LC පහසුකම්වල මෙම සීමා කිරීම් සහ ප්‍රමාදයන් හේතුවෙන් මෝටර් රථ වෙළඳපොළ පුරා අවිනිශ්චිතතාවයක් සහ භීතියක් ඇති කරමින් අමතර කොටස්වල සැපයුම හෝ මිල අනාවැකි පළ කිරීමට නීත්‍යානුකූල බලයලත් හිමිකරුවන්ට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වයස්ගත වාහන ඇණිය ක්‍රියාකාරීව පවත්වාගෙන යාම සඳහා මෝටර් රථ කර්මාන්තයේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් අමතර කොටස් අත්‍යවශ්‍ය භාණ්ඩ කාණ්ඩයක් ලෙස හඳුනා ගන්නා ලෙසත් CMTA අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25