ලංකාවේ භාවිතා කරන හැම එන්නතක් ගැනම හෙළිවූ දේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන අයගෙන් 90%ක් එන්නත් මාත්‍රා දෙකම නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ගත් අය වන හෙයින් මෙතෙක් එන්නත් නොගත් වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේද විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ අදහස් දැක්වූ වේ අද (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්

මේ අතර වයස අවුරුදු 60ට වැඩි එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙන අයට මාසයකට පසුව තුන්වෙනි මාත්‍රාව ෆයිසර්,ඇස්ට්‍රාසෙනෙකා නැත්නම් මොඩර්නා එන්නතෙන් ලබා දිය යුතුව ඇති බවයි රජිව් ද සිල්වා මහතා පැවසුවේ.

වකුගඩු ප්‍රශ්න, පෙනහළු ප්‍රශ්න, අක්මාවේ ප්‍රශ්න, දියවැඩියාව,පිළිකාව, හෘදය වස්තු ආබාධ,ස්නායු අබාධ,තැලසීමියාව තියෙන වයස 12සහ 18 අතර දරුවන්ටද ෆයිසර් මාත්‍රා දෙකක් ලබා දෙන ලෙස ඔහු කියාසිටියා.

”ලංකාවේ භාවිතා කරන හැම එන්නතක්ම ප්‍රතිඵලදායකයි. ජීවිත බේරාගෙන තිබෙනවා. කොවිඩ් නිසා ඇති වන භයානක තත්ත්වයන් නැති කරලා තියෙනවා. ආසාදනය වීම් අඩු කරලා තියෙනවා.

මිය යන අයගෙන් 90%ක් විතර එන්නත් ගහපු නැති අය. නැත්නම් එක මාත්‍රාවක් විතරක් ලබාගත් අය. ඒක නිසා අපි කියන්නේ මෙතෙක් එන්නත් ගහපු නැති අවුරුදු 18 වැඩි සියලුම දෙනාට එන්නත් මාත්‍රා දෙකක් ගහන්න කියල.

ඊට පසුව තුන්වන මාත්‍රාවක් ගැන අපි උපදෙස් දීලා තියෙනවා.

බහරේනයේ පර්යේෂණ වාර්තාවක් සහ මාහාචාර්ය නිලීකා මලවිගේ පර්යේෂණ කණ්ඩායමේ වාර්තා පදනම් කරගෙන තමයි අපි කිවේ අවුරුදු 60ට වැඩි අයට තුන්වන මාත්‍රාවක් ලබා දිය යුතුයි කියල.

තුන්වෙනි මාත්‍රාව දෙන්න ඕනේ දෙවෙනි මාත්‍රාව අරන් මාසයකට පස්සේ. එය ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා නැත්නම් මොඩර්නා විය යුතුයි.

18 සහ 60 අතර වයස් වලට සයිනෝෆාම් එන්නතෙන් හොද ප්‍රතිශක්තියක් ලැබෙන බවට මහාචාර්ය මලවිගේ පර්යේෂණ කණ්ඩායම කියල තියෙනවා. ඒ නිසා අපි කියනවා ඒ වයස් වල අයට සයිනෝෆාම් එන්නත දෙන්න කියල අපි කියනවා.

වකුගඩු ප්‍රශ්න, පෙනහළු ප්‍රශ්න, අක්මාවේ ප්‍රශ්න, දියවැඩියාව,පිළිකාව, හෘදය වස්තු ආබාධ,ස්නායු අබාධ,තැලසීමියාව තියෙන වයස 12සහ 18 අතර අයට ෆයිසර් මාත්‍රා දෙකක් දෙන්න.

ස්පුට්නික් එක මාත්‍රාවක් දී තිබෙන අයට දෙවෙනි මාත්‍රාව එයින් නැත්නම් ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත දෙන්න.

අපි මේ උපදෙස් දෙන්නේ මරණ සංඛ්‍යාව සහ රෝගාතුරු වීම අඩු කරන්න.

ගැබිණි මව්වරු එන්නත ගත්ත කියල ඒ දරුවාට කිසිම නරක බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

එන්නත් ගැහුවා කියල කොවිඩ් රෝගය වැළදෙන එක සම්පූර්ණයෙන් නතර වෙන්නේ නැහැ. නමුත් එන්නත මඟින් නිවුමෝනියාව ඇති වීම 95%ක් පමණ නැති කරනවා.

රට වසා තැබීමෙන් ආසාදනය අඩු වීම සහ මරණ අඩුවීම පෙන්නුම් කර තිබෙන නිසා තව සතියක් දෙකක් වස තැබීම හොඳයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23