ලංකාවේ පිරිමි 05කට ගැහැණු 01ක් අතරේ පැතිරෙන මාරාන්තින රෝගයක්

පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාව වෙනත් රටවලට සාපේක්ෂව නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද (01) ට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය ට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

“අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු, වසංගතය පරදවමු.” යන්න මෙවර ඒඩ්ස් දින තේමාවය.

2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් මෙරටින් වාර්තා වී තිබේ. 2019 වසර තුළ වාර්තා වූ රෝගීන් ගණන 439කි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැනවු සංචරණ සීමා හේතුවෙන් ඒඩ්ස් පරීක්ෂණ අඬාල වීම හේතුවෙන් 2019 වසරට සාපේක්ෂව 2020 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සම්ප්‍රේෂණයේ ප්‍රධාන ආකාර ලෙස අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හඳුනාගෙන තිබේ.

මෑත කාලිනව පිරිමි සම ලිංගික සබඳතා හේතුවෙන් HIV වාර්තාවීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වාර්තාවන ආසාදිතයින්ගේ වැඩි සංඛ්‍යාවක් පිරිමි වන අතර අනුපාතයක් ලෙස සැලකීමේ දී පිරිමි 5කට කාන්තාවන් 1 අයෙකු ලෙස දැක්වේ.

පවතින ප්‍රතිකාර හේතුවෙන් ඒඩ්ස් පාලනය කළ හැකි දිර්ඝ කාලීන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව තුළ HIV පරීක්ෂණ සහ සත්කාර සේවා රට පුරා ස්ථාපිත ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මඟින් සපයනු ලැබේ.

HIV පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට http://www.know4sure.lk/ වෙබ් පිටුව මඟින් හමුවීමක් වෙන්කරවා ගත හැකිය.

එමෙන්ම 0703 633 533 / 0112 667 163 යන දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර ලබා ගත හැකි අතර, HIV ස්වයං පරීක්ෂණ අවශ්‍ය නම් 0716 379 192 යන දුරකථනය අංකය මඟින් ද ලබාගත හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52