ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ 03ක පාලනය අදානිට දෙන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ 03ක පරිපාලය සඳහා ඉන්දියාවේ අදානි සමූහය ශ්‍රී ලංකා බලධාරින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය වාර්තා කරන්නේ සංචාරක පැමිණීම වර්ධනය විමත් සමඟ ගුවන් තොටුපොළ පහසුකම් සංවර්ධනය කිරීම මෙහි අරමුණ බවයි.

ඉන්දියාවේ ප්‍රධානතම සමාගමක් මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම ව්‍යාපාරික සමුහයක් ලෙසින් සැළකෙන අදානි සමූහය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ක්ෂේත්‍ර රැසක බලය අත්පත් කරගෙන සිටිනවා.

ඒ, අතරතුර මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නවමු සංවර්ධනයක් උදෙසා ගුවන් තොටුපල සංවර්ධන කාර්යය සඳහා අදානි සමූහය සමඟ එක්ව කටයුුතු කිරීම කෙරෙහි මේ වන විට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වනවා.

ඒ, සඳහා මෙරට ප්‍රධානතම ගුවන් තොටුපොළ තුනක සංවර්ධනය අරමුණු කරගනිමින් එහි කළමණාකරන කටයුතු සඳහා අදානි සමුහය සම්බන්ධ කරගැනීමට මේ වන විට අදානි සහ ශ්‍රි ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවයි ‘ද හින්දු’ පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කරන්නේ.

ඒ, අනුව එම සාකච්ඡා සාර්ථක වුවහොත් ප්‍රමුඛතම ජාත්‍යන්තරගුවන් තොටුපොළවන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලානගුවන් තොටුපොළ සහ මත්තල ගුවන් තොටුපොළ යන ගුවන් තොටුපොළ තුනෙහි කළමණාකාරීත්වය සඳහා අදානි සමූහයට බලය හිමිවනු ඇති.

2030 වන විට මිලියන හතරක් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බැවින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට යා යුතු බව පෙන්වා දෙන හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තම රජය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය විශ්වාස කරන බවත් ඉදිරි මාවත එය බවත් පවසනවා.

එහිදී ඉන්දියානුවන්ගේ හැකියාව කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව අමාත්‍යවරයා පැවසුවේ යැයි ‘ද හින්දු’ වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ වරාය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දැනටමත් අදානි සමූහ ව්‍යාපාරය කටුයුතු කරමින් සිටින අතර පසුගිය නොවැම්බරයේ දී ආදානි සමූහය විසින් කොළඹ පිහිටි බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 553ක අරමුදල් ලබා ගත් බව ද හින්දු පුවත්පත් ව්‍යාපාරික වෙබ් අඩවිය වාර්තා කරනවා.

අදානි සමූහය දැනට ඉන්දියාව තුළ ගුවන් තොටුපොළ අටක පරිපාලනය සඳහා දායකත්වය සපයන අතර, එය ඉන්දියාවේ මගී ධාරිතාවයෙන් සියයට 23 කට සේවය සපයන බවද ද එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56