ලංකාවේ කොටසක් ඉල්ලන තලපති විජේ (වීඩියෝ)

මීළග ප්‍රාන්ත මහ මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ නව TVK පක්ෂයේ දෙවැනි ජන රැලිය තමිල් නාඩුවේ ඊයේ (22) මදුරෙයි හීදි පැවැත්වුණා.

ඒ සඳහා ලක්ෂ 10කට අධික ජනකායක් සහභාගී වී සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පැය දෙකකට ආසන්න කාලයක් ජන රැළිය ඇමතූ විජේයි, එහිදී ලංකාවට අයිතිව පවතින දූපතක් කච්චතිව් දූපත පිළිබද ද විශේෂ ප්‍රකාශයක් සිදු කරා.

ශ්‍රී ලංකාවට අයිතිය ඇති අක්කර 285ක භූමි ප්‍රමාණයකින් යුත්ක කච්චතිව් දූපත ඉන්දියාව වෙතට පවරා ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඔහු ඉල්ලා සිටියා.

මෑතකදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් 800ක් පමණ සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු භාරයට ගැනීම හෙළා දකින බව පැවසූ විජේයි, තමිල්ම්නාඩු ධීවර ප්‍රජාව ආරක්ෂා වීමට නම් කච්චතිව් දූපත ඉන්දියාව සතු විය යුතු බව පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටා ඇති කච්චතිව් දූපත දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයේ සිට කිලෝමීටර 24කට ආසන්න දුරකින් පිහිටා තිබෙනවා.

කච්චතිවු දූපත පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි අක්කර 285ක භූමි ප්‍රමාණයෙන් යුතු දූපතක් වන අතර, මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මඟින් කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය.

සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුම අනුව මඟින් කච්චතීව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් එම ගිවිසුමේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30