ලංකාවේ උපත දීපු රබර් කිරි කපන රොබෝ නම් මරු

රොබෝ තාක්ෂණය අනුව සකස් කරන ලද රබර් කිරි කපන යන්ත්‍රයක් රබර් වගා බිම් සදහා යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රබර් පර්යේෂණායතනයේදී සිදු කෙරුණා.

මෙරට රබර් වගාවට ගැලපෙන පරිදි නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය ලබාදෙන විධානයන්ට අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වනු ඇති.

මෙම යන්ත්‍රය පරිඝණක පද්ධතියක් හරහා ක්‍රියාත්මක කෙරෙන අතර, එකවර රබර් ගස් 20,000ක පමණ කිරි කැපීම ස්වයංක්‍රීයව සිදු කිරීමට එහිදී හැකියාව පවතිනවා.

මෙහිදී රබර් කිරි නාස්ති වීමක්ද සිදු නොවන අතර, අදාල යන්ත්‍රය සහ කපන ලද කිරි වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වැසි ආවරණයක්ද සකස් කර තිබෙනවා.

එමෙන්ම, රබර් කිරි වැටෙන කෝප්පයට ජලය එකතු වුවහොත් එය ස්වයංක්‍රීයව ඉවත් කිරීමද සිදුවනවා.

චීනයේ නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය මෙරටදී එකලස් කර වසර 14 කට වැඩි කාලයක් පර්යේෂණ කරන ලද Intelligent Harvesting Technologis සමාගමේ සභාපති අනුරත් අබේරත්න සහ එම සමාගමේ විධායක අධ්‍යක්ෂ ඉංජිනේරු සවීන් අබේරත්න යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයට හදුන්වා දුන්නා.

මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියා.

මෙම රොබෝ තාක්ෂණික යන්ත්‍රය ලිතියම් අයන් බැටරි දෙකකින් ක්‍රියාත්මක වන අතර,එය ආරෝපණය කල යුත්තේ වසරකට එක් වරක් පමණයි.

රබර් කිරි කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය මාරු කල යුත්තේද වසරකට හෝ දෙවසරකට වරක්.

රබර් ගස් මිලියන පහක තොරතුරු එක් පරිගණක පද්ධතියක් මතට ලබා ගැනීමට හැකි පරිදි අදාල තාක්ෂණය සකස් කර තිබෙනවා.

වසර 14 ක් තුල කරන ලද පර්යේෂණවලදී මෙම යන්ත්‍රයෙන් කිසිදු දෝෂ තත්ත්වයක් වාර්තා වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27